(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 1/2 අධික වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ එකයි ග‍්‍රෑම් 528 ක් සමඟ පුද්ගලයකු අද (16) ජම්පටාවීදියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම හෙරොයින් තොගය මරණ දඬුවම් නියමව බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තාට අයත් ඒවා බවට තොරතුරු උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරු මෙම මත්කුඩු තොගය බෑගයක දමාගෙන පා ගමනින් ගමන් කරමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත කොළඹ උතුර කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු මරදාන ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔහු තවත් ජාවාරම්කරුවකු වෙත බාර දීම සඳහා මෙම මත්කුඩු තොගය රැගෙන යන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා වෙරළබඩ පොලිසිය සැකකරු අද මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගල මහත්මිය හමුවට ඉදිරිපත් කර මෙම 18 වැනිදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටි එකහමාරක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට