(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට රැගෙන ආ කෝටි එකහමාරක් වටිනා කේරළ ගංජා කිලෝ 124 යි ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු යාපනය ,වරතෝලෙයි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය කියයි.
පොලිසිය සිදුකළ පරීක්ෂා කිරීමකදී සැකකරුවන් දෙදෙනා පාපැදි දෙකකින් කේරළ ගංජා තොගය රැගෙන යමින් සිට ඇති බවත් එම පාපැදිවල පිටුපස බැඳතිබූ පොහොර උර තුළ කේරළ ගංජා අසුරා තිබූ බවද පොලිසිය පවසයි.
කේරළ ගංජා තොගය ජාවාරම්කරුවන් මාර්ගයෙන් කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා සූදානමින් සිට ඇති බවට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වූ බවයි.
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙම කේරළ ගංජා තොගය රැගෙනවිත් ඇති බවද පොලිසිය කියයි. සැකකරුවන් යාපනය, සුළිපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක් හා 40 ක් පුද්ගලයින් වේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් හා කේරළ ගංජා තොගය යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
COMMENTS