
(පද්මා කුමාරී කංකානම්ගේ)
අඩම්පන් පොලිසිය විසින් අද (20 ) දවස පුරා කරණ ලද මෙහෙයුමකින් කෝටි එකහමාරක් වටිනා කේරළ ගංජා තොගයක් සමග සුඛෝපහෝගී වෑන් රියක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බැව් අඩම්පන් පොලිසිය පවසයි.
සැකකරු වේප්ප කුළම පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර 44 හැවීරිදි කාන්තා සැක කාරිය වෙඩිතලතිව් පදිංචි අයෙකි.
අද (20) දින මධ්‍යනයේ අඩම්පන් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රංවලාඅරච්චි මහතාට ලද තොරතුරකට අනුව මන්නාරම යාපනය ඒ.31 මාර්ගයේ 91 වන කිලෝ මීටර කණුව අසළ ක්ෂණික මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක්ෂා කොට ඇත.
එහිදී සුඛෝපබෝගී වෑන් රීයක සීරු මාරු කළ හැකි අසුන් අතර, නිතර නිරීක්ෂණයට ලක් නොවන ස්ථානයක සූක්ෂමව අසුරා තිබූ කේරළ ගංජා කීලෝ 14 ක් සොයා ගෙන ඇත.
වෑන් රියේ රියදුරුගෙන් වැඩි දුර ප්‍රශ්ණ කිරීමේ දී මෙම කේරළ ගංජා වෑන් රියට පැටවූ මන්නාරම කළපු තීරය අණාවරණය වී ඇත. එම ස්ථානයේ තිබී කේරළ ගංජා හිස් ඇසුරුම් දෙකක් සොයා ගෙන ඇත. පොලිස් සුනඛ මොලීගේ සහායෙන් තවත් කේරළ ගංජා කිලෝ 6 ක් සහ 26 ක් වෙඩිතලතිව් හී ධීවර නිවාස දෙකක සගවා තිබිය දී එක් සැක කාරියකද සමගින් සොයා ගෙන ඇත.
සැකකරුවන් සහ නඩු භාණ්ඩ මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. මන්නාරම කොට්ඨාශය හාර ජේෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීර සිංහ මහතාගේ උපදෙස් පරිදි අඩම්පන් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රංවල ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත් වේ.

COMMENTS
අනේ මේවා නිදහස් කරන්න. මේවා පාවිච්චි කරලා කවුරු හරි පැණියක් හදන්නද දන්නේ නෑ...