(මනෝප‍්‍රිය ගුණසේකර)
අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදීන් මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගෙන නිවසක් කොටහේන ප‍්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකින් සොයා ගත් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් එහි තිබී අයි.එස්.අයි.එස්. ත‍්‍රස්ත‍්‍රවාදීන්ගේ මතවාද අඩංගු සී.ඩී. තැටි ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහාරන් විසින් අයි.එස්.අයි.එස්. ත‍්‍රස්ත‍්‍රවාදීන්ගේ මතවාද අඩංගු කර පටිගත කළ සී.ඩී. තැටි මෙන්ම තව්හිත් ජමාත් සංවිධානයේ මෙන්ම ත‍්‍රස්ත‍්‍රවාදීන්ගේ තොරතුරු අඩංගු කළ ටැබ් පරිගණකයක්, ජංගම දුරකතන 12ක්, විදේශ ගමන් බලපත‍්‍ර 5 ක්ද සොයාගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
අයි.එස්.අයි.එස්. ත‍්‍රස්ත‍්‍රවාදීන්ට මෙරට මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමට ඉඩ ලබාදුන් බව කියන මහල් නිවාස සංකීර්ණයේ නිවාස හිමිකරු මේ වන විට අතුරුදන් වී ඇතැයිද සඳහන් කළ උසස් පොලිස් නිලධාරියකු ඔහු මහාපරිමාණයෙන් රෙදි ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයකු බවද සඳහන් කළේය.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කොළඹ 12, මැසෙන්ජර් වීදීයේ, ෆීනික්ස් මහල් නිවාස සංකීර්ණයේ අයි.එස්.අයි.එස්. ත‍්‍රස්ත‍්‍රවාදීන් මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගෙන නිවස සොයාගෙන ඇතැයි එම නිලධාරියා පැවසීය.
කොළඹ ඇතුළු ප‍්‍රදේශවල මරාගෙන මැරෙන බෝම්බ මාලාවක් පුපුරුවා හළ තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයින් රැඳී සිටින ස්ථානයක් ඇති බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහල් නිවාස සංකීර්ණයේ නිවසක් පරීක්‍ෂා කර තිබේ.
ඒ අවස්ථාවේදී අදාළ භාණ්ඩ සොයාගත් බවත් විදේශ ගමන් බලපත‍්‍රවල හිමිකරුවන් ඇතුළු මෙම සංවිධානයන් සමඟ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ සිදුකරන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහත්වරුන්ගේ උපදෙස් මත කොටහේන පොලිස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මහින්ද කරුණාරත්න සහ ආමර්වීදීය පොලිස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ටී.පී. ප‍්‍රසාද් මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.
2025 නොවැම්බර් මස 21
241
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
295
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1214
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කොටහේන නිවසකින් ත්‍රස්ත මතවාද ඇතුළත් සී ඩී තොගයක් සොයා ගනී