IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර ඇරඹේ

(ඩයනා උදයංගනී)

කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඉකුත් දා ආරම්භ කෙරිණ.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල්කරණය මේ යටතේ සිදුකෙරේ.

මෙහි පළමු අදියර ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ වූ අතර ආයෝජකයන්ගේ කොටස් ගනුදෙනු ක්ෂණිකව තහවුරු කිරීම, සාංගමික ක්‍රියාකාරකම් පිළිබඳ ආයෝජකයා දැනුවත් කිරීම හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමිකර දීම එහි අරමුණ වී ඇත.

ඩිජිටල්කරණය හඳුන්වා දීමත් සමග කොටස් වෙළෙඳපොළ තොරතුරු භාගත කිරීම වේගවත්වීම නිසා නව ආයෝජකයන් 65,000ක් ඉක්මවමින්, නව මධ්‍යම තැන්පතු ක්‍රමගිණුම් 17,000ක් විවෘත කෙරුණු බව කොටස් වෙළෙඳපොළ පාලන අධිකාරිය මෙහිදී පෙන්වා දුන්නේය.

ලෝකයේ ඕනෑම තැනක සිට සිංහල,දෙමළ හෝ ඉංග්‍රීසී භාෂාවන්ගෙන් ගනුදෙනු කළ හැකිවීම, මාසික ප්‍රකාශන ලබාගැනීම, තොරතුරු හුවමාරුව හා වෙනස් කිරීම මෙන්ම දේශීය සමාගම්වලට ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව ඩිජිටල්කරණයත් සමග ආයෝජකයන්ට හිමි වේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (0)

කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site