IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


කොටුව දුම්රියපොළේදී දෙපා අහිමි වූ කතගේ බෑගයේ ලක්ෂ 39 ක්

(+++ මහින්ද නිශ්ශංක)

දුම්රියක් එනතුරු පෙරේදා (03) පස්වරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ හයවැනි වේදිකාව අයිනේ සිටි කාන්තාවක ධාවනය වෙමින් තිබූ දුම්රියක හැපී දුම්රිය මාර්ගයට වැටී අනතුරකට පත්ව ඇත.

තලෙයිමන්නාරම පදිංචි විශ්‍රාමික ගුරුවරියක වන ඇයගේ අත් බෑගයේ තිබී රුපියල් 39,08,329 ක මුදලක් සහ රන්මාල 4 ක් රත්රන් වළල්ලක් හා ඔරලෝසුවක් හමුවූ බව ඇය හැපුණු දුම්රියේ ප්‍රධාන නියාමක එච්.පී සෝමරත්න මහතා පැවසීය.

එයට අමතරව ඇයගේ ජාතික හැඳුනුම්පත, බැංකු පොත්, විදේශ ගමන් බලපත්‍රයක් ද හමුවූ බවත් ඒ සියල්ල ආරක්ෂා සහිතව කොටුව දුම්රිය ස්ථානාධිපති (මෙහෙයුම්) වෙත බාරදුන් බවත් ඔහු කීය.

යාපනයේ සිට කොටුව බලා පැමිණි දුම්රිය මගීන් බැසයාමෙන් පසු පැයකින් පමණ දුම්රිය ධාවනාගාරයට පිටත්ව යාමේදී හයවැනි වේදිකාව අයිනේ සිටි අය දුම්රියේ හැපී මාර්ගයට ඇද වැටුණු බවත් පසුව දුම්රිය වහා නතර කර 1990 ට කතාකර ගිලන් රථයක් ගෙන්වා ඇය කොළඹ ජාතික රෝහලට පිටත්කර යැවූ බවත් ප්‍රධාන නියාමක සෝමරත්න මහතා පැවසීය.
 
දුම්රියට හැපුණු ඇයගේ දෙපා වෙන්වී තිබූ බවත් ගිලන් රථයට නැංවීමේදී ඇයට සිහිය තිබූ බවත් ඔහු කීය.



අදහස් (9)

කොටුව දුම්රියපොළේදී දෙපා අහිමි වූ කතගේ බෑගයේ ලක්ෂ 39 ක්

Raveendra Thursday, 05 March 2020 06:30 AM

දුම්රියේ ප්‍රධාන නියාමක වෙත. ඔබ විසින් කර ඇත්තේ මිලකළ නොහැකි මිනිසත්කම මනාවට ඉස්මතුවුණු සත් ක්‍රියාවකි. ඔබගේ සියලු පැතුම් එලෙසම සාර්ථක වේවා යන්න අප හද පතුලින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.!! ඔබ ඇතුළු සිය පවුලට යහපතක්ම වේවා !!!

:       3       372

chinthakaFriday, 06 March 2020 01:04 PM

මට නොතේරෙන දේ නම් මේ ක්‍රියාව සලකලා දාපු කොමෙන්ට් එකටත් "ඩිස්ලයික්" දාපු තුන්දෙනා මොන මානසිකත්වයේද ඉන්නේ කියලා...? ගොඩක් වෙලාවට කවදාවත් කාගෙවත් හොඳක් නොදකින එජාපය හරි ජවිපය හරි වෙන්නත් ඇති...

:       27       0

සුදා Friday, 06 March 2020 10:46 PM

මෙතනට දේශපාලනය ගාවගන්න එපා. එජාපය, ජවිපේ විතරද කෙනෙකුගේ හොඳක් නොදකින්නේ...? අර මැදමුලන කියන හද්දා ගමෙන් ආපු අයව ඔබට අමතක වුණාද? එහෙම නැතිනම් ඒ ගොල්ලන්ගේම ගෝත්‍රික බයියෙක්ද ඔබ...?

:       57       60

de silva Thursday, 05 March 2020 07:02 AM

දුම්රිය නියාමකගේ අවංක සේවය මිලකළ නොහැකිය. නමුත් වයසක කාන්තාවක් තනියම රුපියල් ලක්ෂ තිස් නමයක මුදලක් බෑගයක දමාගෙන පොදු ප්‍රවාහන සේවයක ප්‍රවාහනය කලේ කුමන කරුණක් නිසාද කියලා සොයලා බලන්න ඕනේ? අද රටේ සෑම නගරයකම බැංකු 7-8ක් තිබෙනවා. ඕනෙම කෙනෙකුට පුළුවන් මුදල් තම ගිණුමට දමලා කැමති නගරයක් බැංකු ශාඛාවකින් නැවත ලබාගන්න. මෙතන මොකක් හරි හොර ජාවාරමක් සිදු වෙලාද කියලා සොයලා බලන්න ඕනේ...

:       362       97

BamunuarachchiThursday, 05 March 2020 10:56 AM

"නමුත් වයසක කාන්තාවක් තනියම රුපියල් ලක්ෂ තිස් නමයක මුදලක් බෑගයක දමාගෙන පොදු ප්‍රවාහන සේවයක ප්‍රවාහනය කලේ කුමන කරුණක් නිසාද?" පණ්ඩිත කතා කියන්න එපා මොන දේකටද නියාමක ඕවා සොයන්නේ? ඒක ඒ මනුස්සයාගේ පුද්ගලික කාරනාවක්. නියාමකගේ කාරිය ඔහු කලා එපමණයි. සල්ලි කොහෙද ගෙනියන්නේ මෙච්චර මුදලක් කොහෙන්ද බනකුවේ දාන්න බැරි උනාද ඕවා විකාර කතා.

:       0       55

Sisili Bisili Thursday, 05 March 2020 07:29 AM

නියාමක තුමණි ඔබ සැබෑ ශ්‍රී ලාංකිකයෙකි. ඔබට අපේ ආචාරය.

:       0       106

de silva Thursday, 05 March 2020 10:38 PM

බමුණා හිතන් ඉන්නේ මිනිස්සු ලක්ෂ 30-40 මලු වල තලේමන්නාරමේ ඉඳන් දුම්රියේ කොළඹ ඇවිත් කොළඹ දුම්රිය පලේ ගැවසෙන එක සාමාන්‍ය දෙයක් කියලද ?

:       22       20

sharm warnFriday, 06 March 2020 04:37 AM

ඔයා මෙතන නැති කතා හදන්න එපා.. අරෙහෙ වයසක මනුස්සයෙක් දෙපා අහිමි වෙලා ඉන්නවා මෙයා ඒ මනුස්සයව හොරෙක් කරන්න හදනවා.. ඔයාට ඊට වඩා ලොකු හොරු දැක්කෙම නැද්ද මේ රටේ?

:       20       2

raviMonday, 09 March 2020 08:12 AM

මොකක් හරි අභිරහස් කුමන්ත්‍රණයක පෙරනිමිති පහළ වී ඇත..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 229 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 281 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1197 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site