(ඉන්දිකා රාමනායක)
කොළඹ කොටුව චැතම්වීදියේ ඉදිකිරීම් වැඩබිමක චීන ජාතිකයන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් චීන ජාතිකයන් දෙදෙනෙක් ඇතුළු පස් දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව කොටුව පොලිසිය කියයි.
ඊයේ ( 22) මෙම සිද්ධිය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් චීන ජාතිකයන් 11 දෙනෙක් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබු පස්දෙනා අතර තිදෙනකු එම වැඩබිමේ සේවය කරන ශි‍්‍ර ලංකිකයන් බවත් ඔවුන් මෙම ගැටුමට මැදි වී තුවාල ලබා ඇති බවද පැවසේ.
මෙම වැඩබිමේ කොන්ත‍්‍රාත්තුව වෙනත් චීන පුද්ගලයෙක් වෙත පැවරීමේ සිද්ධියක් මුල්කරගෙන මෙම ගැටුම හටගෙන ඇති බවට තොරතුරු ලැබුණ බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වැඩේ වසර 70ක කෙරුවාව සංවර්ධනයේදී මහිමය රටේ දියුණුව. කොපමණද කියනවා නම් රටේ වැසියන් ගේ රැකියා ප්‍රශ්නය විසඳීම කොපමණ සාර්ථකද කියතහොත් කුලිකරුවන් චීනයෙන්, සතුටුයි නේද.?
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සඳහා "චීන ජාතිකයින් " කරන්නේ මොන දේකටද ? අපේ රටේ මෙතරම් රැකියා විරහිත තාවයක් තිබියදීත්, ඉන්දියාව, චීනය, පකිස්ථානය වගේ රටවලින් කම්කරුවන් ගෙන්වා ඉදිකිරීම් කටයුතු කරන එකේ කිසිම සාධාරණත්වයක් නොමැත. ඔවුන් අපේ වටිනා විදේශ මුදල් රටපටවන බව රජයට නොපෙනීම අපේම අවාසනාවකි.
මහින්ද මහත්තයාගේ පාලනය අවසන් වුනත් හරි චීනුන්ටත් මළ පැනලා වගේ. පෘතුගීසි කාරයට ගෙරි හම එළාගන්න ඉඩ දීලා අපේ රජවරුන්ටත් වුන වැඩේ දන්නවනේ.