IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති දෙකකට වසයි


( තිළිණි ද සිල්වා )
 
කටාර් හි දෝහා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති දෙකකට තාවකාලිකව වසා දැමූ බව  එම තානාපති කාර්යාලය කියා සිටී.
 
එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද එම තානාපති කාර්යාලය අද (23)  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
ඒ අනුව  ඊයේ(22)   සිට ලබන ඔක්තෝබර් මස 5 වන දින තෙක් තානාපති කාර්යාලය තාවකාලිකව වසා තැබෙන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  වැඩිදුරටත් සිය නිවේදනයේ සදහන් කර ඇත.
 
කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වීමත් සමග ආරක්ෂිත පියවරක් ලෙස තාවකාලිකව එම කාර්යාලය වසා දැමීමට තීරණය කළ බව එම තානාපති කාර්යාලය කියා සිටී.
 
එම සේවකයා ඔහු එරට වෛද්‍ය බලධාරීන් ගේ උපදෙස් මත ස්වයං  නිරෝධායනයට යොමු කර ඇති අතර අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට එම වයිරසය වැළදී ඇත්දැයි යන්න තහවුරු කර ගැනීමට පී.සී.ආර් පරීක්ෂණ සදහා යොමු කළ කර ඇත.
 
දෝහා නුවර පිහිටි ශ්‍රී ලංකා කාර්යාලයට නිරතුරුවම ලාංකිකයින් විශාල පිරිසක් කොන්සියුලර් සේවා සදහා පැමිණෙන හෙයින් ඔවුන්ගේ ආරක්ෂාව සදහා සති දෙකකට එම කාර්යාලය වසා දමා තීරණය කළ අතර මෙම කාලය තුළ හදිසි සේවාවන් සඳහා [email protected] විද්‍යුත් ලිපිනය හෝ 00974703413 සහ  00970088771දුරකථන අංක භාවිතා කරන්නැයි ද තානාපති කාර්යාලය දැනුම් දී සිටී.

සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ සේවය කළ අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමග එම කාර්යාලය ද සති දෙකක කාලයකට තාවකාලිකව වසා දැමිණි.

 



අදහස් (2)

කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති දෙකකට වසයි

සනත් ඉතාලිය Wednesday, 23 September 2020 01:44 PM

මෙතන කුමක් හෝ යටිකූට්ටු වැඩපිලිවෙලක් තියනවා. ඊයේ සෞදි, අද කටාර් විදේශගත ශ්‍රමිකයින්ව දිනෙන් දින නන්නත්තාර කරනවා. බලධාරයිනි, අපි දිහා මීටවඩා සානුකම්පිතව බලන්න.

:       4       14

IMRAN Thursday, 24 September 2020 05:50 AM

ඕක දිගටම වහලා දාන්න. තිබුණා කියලා මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site