
(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටියක ආසන්න ‘මැන්ඩි’ නමැති මත්ද්‍රව්‍ය සමඟ සුරාබදු නියමකයකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව එම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653 මිලිගෑම් 380 ක ප්‍රමාණයක් තිබී සොයා ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය රාත්‍රී සමාජ ශාලාවල සහ විදේශීකයන් අතර බහුල වශයෙන් භාවිතයට ගැනෙන මත්ද්‍රව්‍ය විශේෂයක් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම මත්ද්‍රව්‍ය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී කළුඅග්ගල ඔරලෝසු කණුව අසල දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් හෙළිවූ තොරතුරු අනුව සෙසු සැකකරුවන් දෙදෙනා අතඅඩංගුවට ගනු ලැබීය.
සැකකාර සුරාබදු නියාමක අත්අඩංගුවට ගෙන ඇත්තේ ජයවර්ධනපුර සුරාබදු කාර්යාල පරිශ්‍රයේ දී ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd