IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


කෝටියක මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු දැලේ

(ඩබ්ලියු. හියුබට් ප්‍රනාන්දු සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

උතුරේ ගම්මානවල සිට මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ මීගමුව ප්‍රදෙශයේ නවාතැන්වල ගත කරමින්  කොළඹ හා තදාසන්න පෙ‍දෙස්වල මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක සාමාජිකයන් දෙදෙනකු රුපියල් කෝටියකට වැඩි කේරල ගංජා, අයිස්, හෙරොයින් ඇතුලු මත් ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව මිගමුව කොට්ටාශයේඅපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

හදිසි මාර්ග බාධයකදී මෝටර් රියක් පරීක්ෂාවට ලක් කර අත්අඩංගුවට ගැනුනු සැකකරුවන්ගෙන් ලත් තොරතුරු අනුව මෙම වැටලීම කරනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනයේ   පදිංචි   58 හැවිරදී පුද්ගලයෙකු හා මීගමුව ජයරත්න පාරේ වෙසෙන 33 හැවිරිදි පුද්ගලයෙකි.

 මීගමුව  අලුත්පාරේදී පරීක්ෂාවට ලක් කෙරුණු මෝටර් රථයේ තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 6ක් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක් හා හෙරොයින් ග්‍රෑම් 200 ක් පොලිසිය සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගැනුනු සැකකරුවන්ගෙන් අනාවරණයවූ විස්තර මත ඔවුන් නවාතැන්ගෙන සිටි කඩොල්කැලේ  ප්‍රදේශයේ හෝටලයක් පරීක්ෂාවට ලක් කිරීමේදී එහි කාමරයක   සගවා තිබුනු කේරල ගංජා කිලෝග්‍රෑම් 35 ට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බවද පොලිසිය කියයි.

 මත්ද්‍රව්‍යයන්හි බර කිරීමට යොදාගත් නවීන පන්න‍යේ   විද්‍යුත් තරාදි 2 ක් ද සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි. සැකකරුවන් ඉතා රහසිගතව යාපනයේ සිට  භාණ්ඩ ප්‍රවාහන ලොරිවල සගවාගෙන එන මෙම මත් ද්‍රව්‍ය   මීගමුවට නුදුරු පෙදෙස්වලදී මෝටර් රථයකට පටවාගෙන ඔවුන් නතරව සිටින හෝටලට කරා ගෙන ගොස් ඇති බවද හෙලිවී ඇත. ඒවාබෙදා හැර ඇත්තේ එහි දි බවද හෙලිවීයැයි පොලිසිය කියයි.    රැදවුම් නියෝග මත සැකරුවන් රදවා තබා පරීක්ෂණ පැවැත්වේ.



අදහස් (1)

කෝටියක මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු දැලේ

SL Tuesday, 08 December 2020 04:47 PM

පෝක් සමුද්‍රසන්දිය වහමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site