(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ දී රුපියල් කෝටියකට අධික වටිනා හෙරොයින් මත්කුඩු මෝටර් රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය කියයි.
එම පුද්ගලයා සතුව තිබී මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 127 සොයා ගත් එම මත්කුඩු කේක් පෙට්ටියක අසුරා තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන රත්මලාන අංජු හා රත්මලාන ධර්මසිරි නැමැත්තාගේ ගෝලයකු බව පොලිසිය පවසයි.
සැකකරු පිළියන්දල මඩපාත පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd