(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් එක්කෝටි දස ලක්ෂයකට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු සහ කේරල ගංජා සමග පුද්ගලයන් දෙදෙනෙකු අද(22) කැලණියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ දෙදෙනා ඇල්පිටිය හා කැලණිය පදිංචි 26 සහ 27 හැවිරිදි අය වෙති.
එම පුද්ගලයන් දෙදෙනා සමග හෙරොයින් මත්කුඩු කිලෝ එකකට අධික ප්‍රමාණයක් සහ කේරළ ගංජා කිලෝ 4ක් පොලිසිය බාරයට ගෙන ඇත.
මෙම සැකකරුවන් කොළඹ සහ කැලණිය කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයකුට අයත් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිට ඇතැයි අනාවරණය වී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකා රාජගිරිය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය විහාරස්ථානය ඉදිරිපට මාර්ගයේ කේරල ගංජා කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලදී හෙළි වූ කරුණු අනුව අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. දෙවන සැකකරු කැලණිය මෛත්‍රී මාවතේ නිවසේදී සිට, වැටලීම කර ඇති අවස්ථාවේදී මත්ද්‍රව්‍ය අඩංගු බෑගය ගෙන තාප්පයෙන් පැනයාමට තැත් කළ අතර, දැඩි පරිශ්‍රමයක් දරා ඔහු අල්ලාගෙන තිබිණි.

2025 නොවැම්බර් මස 04
296
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2122
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1613
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටියකට අධික මත්කුඩු සමග දෙදෙනෙකු අත්අඩංගුවට
Kumar Tuesday, 22 October 2019 05:25 PM
සැමදාම මත්කුඩු එකතු කරන ගැන අහන්න ලැබෙනවා. ඒ මත්කුඩු විනාශ වගක් ඇහෙන්නෙනැ . මේ වෙනවිට මත්කුඩු ටොන් කිහිපයක් එකතු කරන්න ඇති නේද.