
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීතිවිරෝධී අයුරින් රුපියල් කෝටි ගණනාවක් වටිනා කහ සහ කේරල ගංජා තොගයක් ලොරි රථයකින් සහ ට්‍රැක්ටරයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු මන්නාරම උයිලන්කුලම, පුදකුඩ්රිප්පු ප්‍රදේශයේ දී අද (15) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 52, කහ කිලෝ ග්‍රෑම් 920 ක්, ට්‍රැක්ටරයක්, ලොරියක්, රුපියල් ලක්ෂ 17 ක්, ඇමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 5 ක් පොලිස් බාරයට ගෙන ඇත.
විශේෂ කාර්යය බළකාය වව්නියාව හා මන්නාරම සේනාංකයේ කඳවුරුවල නිලධාරීන් ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් ගෙන් ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් සහ මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන් හා ඒකාබද්ධව මෙම වැටලීම සිදු කළහ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.