(නිමන්ති රණසිංහ)
කුළුබඩු මෙන්ම මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 9ක හිමිකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික ශබීර් අබ්බාස් ගුලාම් හුසේන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඔහුගේ බාල පුත්‍රයා තවදුරටත් ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරන්ජනී ද සිල්වා මහත්මිය ඊයේ (01) නියෝග කළාය.
මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කෙරුණේ අලි අස්ගර් ශබීර් ගුලාම් හුසේන් නැමැත්තාය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය අද (01) අධිකරණ හමුවේ යලි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
එම අපරාධයට සම්බන්ධ තවත් පුද්ගලයකු සාක්ෂිකරුවකු වශයෙන් ඉදිරිපත් නොකොට සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මීට පෙර ඉල්ලීම් කර තිබූණී. ඒ අනුව ඊට අදාළව ඉදිරි දිනයේදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නාය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 08 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර එදිනට සිද්ධියට අදාළ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියම කරමින් නඩුව කල් තැබුවාය.
2025 දෙසැම්බර් මස 30
12
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටිපති ව්‍යාපාරික පියා මැරූ පුතා යළි රිමාන්ඩ්
අමිල Friday, 01 October 2021 11:08 PM
මෙහෙමත් දරුවෝ.