
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෝටර් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ කල්ලියක් අද කටාන කිඹුලාපිටිය අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට කඩා වැදී රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
පිස්තෝල අත දරාගත් පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් කොල්ලය සඳහා පැමිණ ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
COMMENTS
අපි හිතුවේ ඕවා දැන් වෙන්නේ නෑ කියලයි. රටේ ආරක්ෂාව උපරිමයෙන් තියනවා කියලා නේද කියන්නේ?
මේ තරම් ලොකු මුදලක් මුදල්වලින් තියාගන්න තරම් මෝඩ මිනිස්සු ඉන්නවද? නැතිනම් කළු සල්ලිද? විද්‍යුත් ලෙසින් ගනුදෙණු කළා නම් හොරු, මංකොල්ල කාරයෝ නැත්තටම නැති නොවුණත් භාගයක් අඩුවෙනවා. ඒ වගේම ටැක්ස්, වංචා කිරීම් පාලනය වෙනවා.
අද පොලිසියක් තිබුණාට, බොහෝවිට පොලිසිය ක්‍රියා කිරීමට පටන් ගන්නේ අපරාධයක් සිදුවූවාට පසුවයි. රටේ අපරාධ වර්ධනය වීමට තව හේතුවක් නම්, අපරාධකරුවන්ට නිසි දඬුවම් නොලැබීමයි. අද තමන්ගේ පුද්ගල ආරක්ෂාව සඳහා ගිනි අවි තබා ගැනීමට අවසර දිය යුතුයි.
ළඟින්ම ඇසුරු කළ අය විය හැකියි.
සල්ලි බැංකුවල තැන්පත් කරන්න අපහසු ප්‍රශ්නයක් තිබෙන බව නම් පේන්න තියෙනවා.
කුඩේ කුඩු... වෙන මොනවද?