IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කටුනායක ගුවන්තොටේ ආගමන විගමන පහසුකම් පුළුල් කරයි

( තිළිණි ද සිල්වා )

කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මගී තදබදය අවම කිරීම සදහා ආගමන හා විගමන පහසුකම් පුළුල් කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ යටතේ ගුවන්තොටුපලේ විගමන කවුළු සංඛ්‍යාව 18 සිට 23 දක්වා වැඩි කිරීමටත්, ආගමන කවුළු සංඛ්‍යාව 25 සිට 31 දක්වා ද වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා පැවසීය .

මෙම ආගමන හා විගමන කවුළු නවීන තාක්ෂණයෙන් ද සමන්විත බව හෙතෙම කීය.

කටුනායක ගුවන් තොටුපළේ විගමන කටයුතු සදහා වෙන් වු ප්‍ර දේශය පහසුකම් සහිතව වැඩි දියුණු කිරීම, ආගමන කටයුතු සදහා පහසුකම් සහිත නව ප්‍රදේශයක් වෙන්කිරීම හා තිරුබදු රහිත සාප්පු සංකීර්ණයක් ඉදිකිරිමට ද කටයුතු කෙරෙමින් පවතින බව ඇමතිවරයා පැවදීය.

නව ආගමන ගුවන් බඩු පර්යන්තයක් ද අදියර කීපයක් යටතේ ඉදි කිරීමට සැලසුම් කර තිබේ.

කටුනායක ගුවන් තොටුපළේ වාර්ෂික මගී ධාරිතාව ගුවන් මගීන් මිලියන 06 ක් වන අතර මේවන විට කටුනායක ගුවන් තොටුපළ වාර්ෂිකව මිලියන 10 ක  මගී මෙහෙයුම් සිදු කෙරේ.

දැනට ක්‍රියාත්මක කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘති යටතේ වාර්ෂික ගුවන් මගීන් ධාරිතාව මිලියන 15 ක් දක්වා වැඩි කිරීමට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පවතින මගී පර්යන්තයන්හි මගී ධාරිතාව වැඩි කිරීම සදහා ප්‍රතිව්‍යුහගත කිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති අතර ගුවන් තොටුපළේ රැදී සිටින කාලය තුළ විවේකාගාර පහසුකම් ඉල්ලා සිටින මගීන්ට එම සේවාව ලබා දීම සදහා දැනට ඇතිවිවේකාගාර අදියර කිපයක් යටතේ නවීකරණයට සැලසුම් කර ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් කීය.

කටුනායක ගුවන්තොටුපලේ මෙම ප්‍රතිසංස්කරණ කිරීම් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගියදා නිරීක්ෂණය කළේය.

 



අදහස් (1)

කටුනායක ගුවන්තොටේ ආගමන විගමන පහසුකම් පුළුල් කරයි

Nimal Ambalangoda Wednesday, 23 June 2021 06:30 PM

මොනවා කරත් වැඩක් නෑ. ආගමන/විගමන කවුලු වල තදබදය අඩු කරන්න ලාංකිකයින්ට වෙනම කවුලු වෙන් කරන්න..​.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 7 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site