IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කටුනායක ගුවන්තොටුපළට පී.ආර්.සී පරීක්ෂණාගාරයක්

( තිළිණි ද සිල්වා )

කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියළු ගුවන් මගීන් පි.සී.ආර් පරීක්ෂාවට ලක් කීරීමට රජය තීරණය කර ඇති බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති  ප්‍රසන්න රණතුංග මහතා පැවසීය .

ඒ සදහා පි.සී.ආර් පරික්ෂණාගාරයක් කටුනායක ගුවන් තොටුපළේ කඩිනමින්  කරන  බවද සංචාරක  හා ගුවන් සේවා ඇමති  ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය..

ජූලි මස අග දක්වා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට රැගෙන ඒම සිදුවන බවත් , අගෝස්තු මුල දී ගුවන් තොටුපල විදෙස් සංචාරකයන්ට විවෘත කිරීමට අදහස් කරන හෙයින් කොවිඩ් 19 වයිරසය රටට ඇතුළුවීම වැළැක්වීම වෙනුවෙන් මෙම පී.සී.ආර් පරීක්ෂණය ගුවන් මඟීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගීන්ගේ මෙන්ම ගුවන් තොටුපළ ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ වල කාර්ය මණ්ඩල වල සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද ඇතුළු මේ සම්බන්ධයෙන් තවත් පියවර රැසක් ඉදිරියේ දී ගන්නා බව ද හෙතෙම පැවසීය .

මේ අතර කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (28) සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි , යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු  සෞඛ්‍ය, ගුවන් තොටුපළ හා ආරක්ෂක අංශ නිලධාරීන්  සමග කටුනායක ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. 

කටුනායක ගුවන් තොටුපළින් කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාධිතයෙකු දිවයිනට ඇතුළුවීම වැළැක්වීම සදහා මෙතෙක් ගෙන ඇති පියවර හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද ව ඔවුන් දැඩි පරීක්ෂාවට ලක් කල බව ගුවන්සේවා අමාත්‍යාංශය කියා සිටී.. 

කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගීන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ගුවන් තොටුපළ තුළට පැමිණි පසු සෞඛ්‍ය ආරක්ෂිත ව ආගමන විගමන කටයුතු සිදු කෙරෙන ආකාරය හා නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සදහා ගුවන් තොටුපළින් පිටතට රැගෙනවිත් බස් රථ වෙත ගොඩ කිරීම දක්වා වු ක්‍රියාවලිය ද ඔවුන්ගේ දැඩි පරීක්ෂාවට ලක්විය.

 මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව ගුවන් තොටුපළින් රටට කොවිඩ් 19 වසංගතය ඇතුළුවීම වැළැක්වීම සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි. 

එහි දි කඩිනමින් ගුවන් තොටුපළේ පී.සී.ආර්පරීක්ෂණාගාරයක් ස්ථාපිත කොට දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කෙරිණි.



අදහස් (1)

කටුනායක ගුවන්තොටුපළට පී.ආර්.සී පරීක්ෂණාගාරයක්

de silva Friday, 29 May 2020 11:54 AM

ඕක ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙන්නේ 2020 අගෝස්තුද? නැතිනම් 2021 අගෝස්තු මාසෙද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site