(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එම මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(7) පෙරවරුවේ දැනුම් දුන්නේය .
ඉන් අනතුරුව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා කැටගොඩ මහතා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙමින් බාර දුන් ලිපිය සභාව හමුවේ කියවීය .
කැටගොඩ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු ලේකම්වරයාට ඊයේ (6) බාර දුන්නේය .
ජයන්ත කැටගොඩ මහතා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම්දීමට අවස්ථාව ලබාදීම සඳහාය .
මේ අතර මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ කැටගොඩ මහතාට සංස්ථාවක සභාපති ධුරයක් ලබාදීමට නියමිතව ඇතැයි රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැටගොඩ කියලා කෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියද කියලාවත් රටේ මිනිස්සු දන්නෙවත් නැහැ. නලුවෙක් හැටියටත් අසාර්ථක වෙච්ච මනුස්සයෙක්... අඩුගානේ නළුකමවත් රැකගන්න බැරිවුණා. දියවන්නාවට ගිහින් බක බක ගාන්නවත් කට ඇරියාද දන්නේ නැහැ. වරප්‍රසාද ටික නම් භුක්ති විඳින්න ඇති ඉහළින්ම.. එතකොට මේ මනුස්සයාට විශ්‍රාම වැටුපක් දෙනවද? මේ වගේ සාහසික අපරාධවලට පාරකපපු අයට ජයවේවා...!!!
ඇති යන්තන්
කැටගොඩ කියල කෙනෙක් හිටියද
ඔනි දෙයක් ඉතින් දැනුම් දෙනවනෙ