IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


කොටකෙතන මව- දියණිය ඝාතන නඩුවේ වරදකරුට මරණ දඬුවම

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
රත්නපුර කොටකෙතන ප‍්‍රදේශයේ නිවසකෙදියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ චෝදනාවන්ට අසල්වැසි නිවසේ පදිංචිව සිටි විත්තිකරු වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහුට මරණීය දඬුවම අද (15) නියම කළේය.
 
මෙම අපරාධය ඇසින් දුටු කිසිවකුත් නොමැති බවත් පරිවේශණීය සාක්කි මත පමණක් පදනම් වන මෙම නඩුවේ විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇති බවත් විත්තිකරුට මරණීය ද`ඩුවම් නියම කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.
 
වසර 5ක පමණ කාලයක් පුරා කළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස ද`ඩුවම් නියම වුයේ මෙම සිද්ධියට අදාළව වසර 7 හමාරක පමණ කාලයක් පුරා රිමාන්ඩ් බාරයේ පසුවු රත්නපුර කොටකෙතන මරණකාරිනියන්ගේ අසල්වැසි නිවසේ පදිංචිව සිටි ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තාටය.
 
2012 ජනවාරී මස 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්නපුර කොටකෙතන ප‍්‍රදේශයේදී නයනා නිලිමිණී (52) හා කවින්ද්‍යා චතුරංගි සෙල්ලහේවා (17) නමැති මව සහ දියණිය ඝාතනය කළ බවට විත්තිකරුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ නීතිපතිවරයා  විසින් නඩු පවරා තිබිණි.
 
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මහේෂිකා සිල්වා මහත්මිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය පෙනී සිටියාය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (4)

කොටකෙතන මව- දියණිය ඝාතන නඩුවේ වරදකරුට මරණ දඬුවම

Raveendra Tuesday, 15 October 2019 10:16 AM

මහපොළොව නුහුලන මෙවන් අපරාධ කල මිනිස් ආත්ම ලබපු තිරිසනුන්ට නිසි දඩුවම් ලබාදීම පිලිබදව අප ගරු අධිකරණයට හිස නමා ආචාර්ය කරන්නෙමු.

:       0       21

Ro Tuesday, 15 October 2019 10:17 AM

අපේ රටේ නීතිය හොදයි ඒත් ප්‍රමාදයි, මේ මිනිහ මෝහනය කලා නම් එදාම දැනගන්න තිබුනා මෙච්චර කල් යන්නේ නැතිව. අපරාද අඩු කරන්නනම් අලුත් දේවල් යල් පැන ගිය නීතියට එකතු කරන්න ඕන .

:       0       42

kumarage Tuesday, 15 October 2019 10:35 AM

ලක්මාලි මැතිනියට ගොඩාක් පින්.. සතුටු වෙන්න පුළුවන් නීතිය තාමත් ඉෂ්ට වෙනවා ලංකාවේ..

:       0       5

Sudubanda Tuesday, 15 October 2019 11:00 AM

පව්කාරයෙක්.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1014 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1052 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site