IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් තවත් සිම්පතක් සොයාගනී

(ඩී.ජී.සුගතපාල)
 
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම අපරාධකරුවෙකුද වන කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියේ තිබී අද(06) තවත් ජංගම දුරකතන සිම්පතක් සොයා ගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
 
බන්ධනාගාරයේ අරක්ෂාවට යොදවා සිටින විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදි මෙය සොයා ගෙන ඇත.
 
මේ මාසයේ පළමුවන දිනයේද කන්ජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියේ සඟවා තිබු ජංගම දුරකතනයක් සහ සිම්පතක් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සොයා ගෙන තිබිණි.



අදහස් (5)

කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් තවත් සිම්පතක් සොයාගනී

සමිත සේනක අලුත්ගමගේ. Monday, 06 July 2020 01:28 PM

මෙය තවමත් නිමක් නොමැති දිගටම ඇදෙනා ප්‍රශ්නයක් නොවේද? බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවෙකුගේ සිර කුටියට ආරක්ෂාවක් දමා තිබියදී මේ සිම්පත් ලැබෙන්නේ කෙසේද? මෙය නම්, ඇදහිය නොහැක්කකි. ඒත් ඇත්තකි. මේ අපරාධකරුවාට මෙසේ හයියක් මේ සිර කුටිය තුළ ලැබෙන්නේ කෙසේද? මෙය ආරක්ෂක අංශවල සැවොම තමාගෙන්ම අසාගත යුතු ප්‍රශ්නයකි. අධිකරණ නියෝගයක් ගෙන මොහුගෙන් රහස් පොලිසිය ලවා දීර්ඝ ලෙස ප්‍රශ්න කරවිය යුතුයි නේද? මේවා නිතර නිතර රටට සන්නිවේදනය වීම නිසා ආරක්ෂක අංශ කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳ වැටෙනවා නොවෙයිද? එසේ හෙයින් මේ අපරාධකරුට වැඩ දැමීමට ඉඩ නොදී ඔහු අධිකරණයට ඉදිරිපත් කොට රඳවා තබාගෙන දැඩි ලෙස ප්‍රශ්න කළ යුතු වේ. එය රටේ නීතියෙත්, ආරක්ෂක අංශ වල හා රටේ ජනතාවගේත්, යහපත පිණිස වන්නේය...

:       0       0

එච් එම් ගුණවර්ධන Monday, 06 July 2020 02:04 PM

සිම් කාඩ් ලියාපදිංචි කර ඇති නිසා මේ පිළිබඳ නිවැරදි පරීක්ෂණයක් කළොත් සිරමැදිරියට මේවා එන්නේ කොහොමද කියලා හොයාගන්න පුළුවන්..

:       0       0

විජේ Monday, 06 July 2020 02:16 PM

අනේ සර්, මෙයාවත් ආයුධ ‍හොයන්න එක්ක යන්නකෝ...

:       0       0

fairoos Monday, 06 July 2020 02:17 PM

කන්ජිපානි සිම්කාඩ් මුද්‍රණ මැෂින් එකක් තියාගෙනද ඉන්නේ..?

:       0       0

raheem Monday, 06 July 2020 03:37 PM

මෙයාගේ ඇඟ ඇතුලේ කාන්දම් තියෙනවද? හැමදාම සිම් අහුවෙන්න. එහෙම නැතිනම් කුරුල්ලෙක් හරි, මීයෙක් හරි ගෙනත් දානවා ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 295 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site