(නිමන්ති රණසිංහ)
නඩු තුනකට අදාළ කොකේන් කිලෝ ග්‍රෑම් 770ක් කැලණිය ගෝනවල ඩී එන් එස් ගබඩා සංකීර්ණය තුළදී දියකර විනාශ කර දැමීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත අවසර ලබා දුන්නාය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු දෙකකට සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ මෙම කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණය විනාශ කර දැමිම සදහා නිතිපතිවරයා අවසර ලබා දී ඇති බැවින් ඒවා විනාශ කර දැමීම සදහා අධිකරයෙන් නියෝග ලබා දෙන ලෙසට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයෙන් කළ ඉල්ලිමක් සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය නියෝගය නිකුත් කළාය.
ඒ අනුව හෙට (01) පෙරවරු 9.00ට කැලණිය ගෝනවල ප්‍රදේශයේ පිහිටි ඩී එන් එස් ආයතනයට අයත් ගබඩා සංකිර්ණය තුළදී මෙම කොකේන් කිලෝග්‍රෑම් 769 ග්‍රෑම් 464ක ප්‍රමාණය දියකර පසුව එම ද්‍රාවණය විනාශ කර දැමිම සදහා පුත්තලමේ පිහිටි සිමෙන්ති කම්හල පිහිටි ඉන්සේ ආයතනය වෙත රැගෙන ගොස් එහිදි එම ද්‍රාවණය දහනය කිරිමට ලක්කරන බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට කරුණු සඳහන් කළේය.
COMMENTS
කවුද මේවා විනාශකරන්නේ..? කොහොමද මේවා විනාශ කරන්නේ...? ඇත්තටම මේවා විනාශ කෙරෙනවාද...? නැත්තම් කොකේන් හංගාගෙන පාන්පිටි විනාශ කරනවද කියලා කවුද දන්නේ..?
ප්‍රශංසනීය ක්‍රියාවක්…!!! මීට දායකවන සියලු දෙනාටම හදපතුලෙන්ම තුතිපුදමු.! කෙසේවෙතත්, ඔය කියන කිලෝ ග්‍රෑම් 770 ම නියත වශයෙන්ම කොකේන්මද, වැරදිලාවත් පාන්පිටි වගේ දේවල් අඩුවැඩි වශයෙන් එකතු වෙන්නට ඉඩකඩ තිබේද? ගබඩා සංකීර්ණයක් තුල වෙනුවට විවෘත එළිමහනක ජනතාව ඉදිරිපිට ඒවා ද්‍රාවණය කළ නොහැකි හේතුවක් තිබේද? ද්‍රාවණය විනාශ කර දැමීම සඳහා පුත්තලම දක්වා වූ දුරක් රැගෙන යාමේ අවශ්‍යතාව කුමක්ද..? සැක කටයුතු ක්‍රියාවලට ඉඩකඩ නැත්ද..? යනාදී කරුණු කාරණා දැනගැනීමේ අයිතිය නිසැකවම ජනතාව වන අප සතුයි.
ඇයි ඔය කොකේන් තොගය කෙලින්ම සිමෙන්ති කම්හලේ පෝරණුවට නොදමන්නේ? එසේත් නැතිනම් ගරු අධිකරණය ඉදිරිපිටදී විනාශ නොකරන්නේ? කොහෙද? කොතනද හොරේ?
ඔවුන්ගේ කාලේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න ඔවුන්ගේ ගෝල බාලයන්ට ඩිපෙන්ඩර් වාහන ලබා දුන් එකයි ..