(නිමන්ති රණසිංහ)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැම්මැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එපික් ලංකා ටෙක්නොලොජීස්' ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන 16 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේෂ් බුද්ධික සී. රාගල මහතා නියෝග අද (02) කළේය .
මෙම සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන් නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
COMMENTS
මෙයාගේ පැකේජ් එක කීයද දන්නේ නැහැ .කීර්ති නාමය කියලා එකක් අවුලක් නැහැ .අපකීර්ති නාමය නේ දැන් ලොක්කෝ ටික සුරකින්නේ ,පවත්වාගෙන යන්නේ
අපිට නම් පෙන්නේ තොරු මෝරු තල්මස්සු නිදැල්ලෙ ඉඳිද්දී හාල්මැස්සෙක්ව අල්ලගෙන සිදු වූ මගඩිය වෙනතකට හරවන්න හදනවා වගේ කියලා. මෙම ඉංජිනේරුවා මේ මගඩිට තනියම කලා කියනව නම් එය සම්පූර්ණ විහිළුවක්. ඔය පද්ධතිය හැදුවා කියන එපික් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය, ඖෂධ අධිකාරයේ ඉහළ කළමනාකාරීත්වය අනිවාර්යයෙන්ම මේ සිදුවීම පිළිබඳ සෘජු හෝ වක්‍ර හෝ දැනුවත්ව හෝ නොදැනුවත්ම වගකීමට බැඳෙනවා. ඔහොම ජාතික වැදගත්කමකින් යුත්, සංකීර්ණ එමෙන්ම විශාල දත්ත පද්ධතියක් එක පුද්ගලයෙකුට බොහොම සරළව මකා දමන්න පුළුවන් කියන එකත් බොහොම සැක සහිතයි. අද කාලෙ ස්මාට් ජංගම දුරකථනයක ඇති දත්ත මකා දමන එකත් ලේසි දෙයක් නෙවේ. එහෙම බැලුවාම මේ සම්පූර්ණ සිද්ධිය විශාල රහස්, එකිනෙකට නොගැලපෙන කතා, සැක කටයුතු සිදුවීම් රාශියක් පිරිච්ච දෙයක්.
හංගලා තියන දත්ත පෙන්නන්න අරන් යාවිද දන්නේ නැහැ
පොඩි කොලුවෙක්ට කරන්න පුළුවන්ද ඔය කියන දේ. ඇත්ත අපරාධකරු හෙලි නොවන තැනට මේ පරීක්ෂණය ගෙන යන බව පැහැදිලියි. දෙමල චිත්‍රපට කථාවක් වගේ. පොඩිඑකා කරපු එකම වරද එපික් ලංකා සමාගමේ වැඩ කරන්න ගිය එක නේද. හරියට නොකල්හි වීදි සංචාරය වගේ.