(නිමන්ති රණසිංහ)
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහොමඩ් කාසිම් මොහොමඩ් රූමි මහතා ලබන 6 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද (31) නියෝග කළාය.
සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 20 බැගින් ලබාදී ආධාර අනුබල දුන්නැයි සැකකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කර ඇත.
අද (31) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර වූ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු සවස අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙලෙස රක්ෂිත බන්ධානාගරගත කෙරිණි.
(ඡායාරූප - ඉෂාන් සංජීව)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා මොළකරු පිට ..අනෙක් කට්ටිය ඇතුලේ මරු ..!!
මේකනම් පුදුම නඩු ඇහිල්ලක් තමා. රාජිත මේකේ අංක 1. එක ඕන පොඩි ළමයෙකුට පේනවා. වෙන වෙන අය පස්සේ දුවනවා.
පොඩි බොරුවක් සමාජගත කලාම ලොකු බොරුව වහගන්න පුළුවන් ටිකිරි ටින්කිරි මොලවල්.
ලොකු අය එළියේ....................... පොඩි අය ඇතුලේ........... යකාට ගිය නීතිය.
මට නම් ඖෂධ සංස්‌ථාවේ බේත්වල ප්‍රමිතිය ගැන විශ්වාසයක් නැහැ.
අරාජිත ගොයියාගේ සියලු පව් අට පහ නොදත් මෙන්ම හතරට ගැන ගැනීමට බැරි මහජන මුදලින් සියලු සැපසම්පත් විදි මෙම අහිංසක සංස්ථා සභාපති කර උඩින් යයි වගේ නේද ?? එක එකාගේ ඕනා එපාකම්වලට මෙන්ම තම බඩ වඩාගන්න මෙවන් බුරුවන්ට මොකට ආචාර්ය පට්ටම් ලැබුනද යන්න ගැටළුවක් වන්නේ අපට පමණද ??? නොදකින් මුන්වගේ "නුගතුන් ".
මේ අය තමයි බාල බෙහෙත් ගෙන්නලා ලෙඩ්ඩු මැරුවේ .
හූ ! මුන්නහෙලා මේ නෙලා ගන්නේ උන්නහෙලම වපුරපුව !