IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඖෂධ අධිකාරියේ දත්ත මකූ ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැම්මැයි රක්ෂිත බන්ධනාගාර ගත කර  සිටි එපික් ලංකා ටෙක්නොලොජීස්' ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන  25 වැනිදා තෙක්  තවදුරටත්රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේෂ් බුද්ධික ශ්‍රී  රාගල මහතා නියෝග අද (18) කළේය .

මෙම සිද්ධියට අදාළ  මහේස්ත්‍රාත් පරීක්ෂණය අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙම සැකකරුගෙන් තවදුරටත් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යව තිබෙන බැවින් ලබන 21 වනදා සිට 23 වනදා අතර කාලසීමාව තුළ බන්ධනාගාරය තුළදී එම ප්‍රකාශය සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිල්ල මෙහිදී අධිකරණයෙන් කළේය .

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ උපකරණ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද නියෝග කළේය.

ඒ අනුව අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමට ඉඩදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් ද නිකුත් කළේය.

 සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඇපමත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.

 එම ඉල්ලීම ලිඛිතව ලබන 25 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බිත්ති පාර්ශවයට දැනුම් දුන්නේය .



අදහස් (0)

ඖෂධ අධිකාරියේ දත්ත මකූ ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site