IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ඕස්ට්‍රේලියාවේ ඇති වූ ලැව්ගිනි සිඩ්නි නගරයට පැතිරීමේ අවදානමක්

ඕස්ට්‍රේලියාවේ හටගෙන ඇති ලැව්ගිනි සිඩ්නි නගරය අවට ප්‍රදේශ වලට ද පැතිරීමේ අවදානමක් ඇති බවට අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.

අවදානමට ලක්වියහැකි ප්‍රදේශ වල පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වීමට බලධාරීන් නියෝග කර ඇත.

පසුගිය දින කිහිපයේ ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් තිදෙනකු මියගොස් දහස්ගණන් අවතැන් වී ඇති බව බලධාරීහු කියති.

නිව් සවුත් වේල්ස් හා ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තවල ස්ථාන 100ක පමණ ලැව්ගිනි හටගෙන ඇතැයි ගිනි නිවන අංශ පවසයි.

සිඩ්නි නගරය මෙවන් අනතුරුදායක තත්ත්වයකට මුහුණදී ඇත්තේ වසර දහයකට පමණ පසුව බවත් උතුරු දිග හන්ටර් කළාපය ද අවදානමට ලක්ව ඇති බවත් සඳහන් වේ.

අඟහරුවාදා වනවිට නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ක් දක්වා ඉහළ යනු ඇති බවත් එවිට තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති බවත් කාළගුණ අංශ අවධාරනය කර ඇත.

අවදානමට ලක්වියහැකි ප්‍රදේශ වල පාසැල් වසා දමා ඇති අතර නවසීලන්තයෙන් ද ගිනි නිවන භටයන් කැඳවා ඇතැයි වාර්තා වේ.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ ඇති වූ ලැව්ගිනි සිඩ්නි නගරයට පැතිරීමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 43 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 151 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1005 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site