
ඕස්ට්‍රේලියාවේ බාලවයස්කාර දැරියන්ට නිරුවත් ඡායාරූප එවන ලෙස තර්ජනය කළ 24 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකුට වික්ටෝරියා ප්‍රාන්තයේ අධිකරණයක් විසින් වසර 13 ක සිර දඬුවමක් නියම කර තිබේ.
උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා මෙම සිසුවා ඔස්ට්‍රේලියාවට ගොස් ඇති අතර මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සිසුවා තමන් වෙත නිරුවත් ඡායාරූප එවන ලෙස බාලවයස්කාර දැරිවියන් කිහිපදෙනෙකුට තර්ජනය කර තිබේ.
එසේ නොකොළහොත් ව්‍යාජ ඡායාරූප සකස් කර එම දැරිවියන්ගේ හිත මිතුරන්ට ලබා දෙන බව පවසා ඇත. තර්ජනය කළ දැරිවියන් අතර වයස අවුරුදු 10 ක දැරිවියක් ද සිට ඇත.
2020 වසරේ මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියට ලද පැමිණිල්ලකට අනූව මෙම සිසුවා අත්අඩංගුවට ගෙන ඇත. නඩු විභාගයෙන් පසු මොහුට වසර 13 ක සිර දඬුවමක් ලැබී ඇති අතර සිර දඬුවම අවසානයේ ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බව ඕස්ට්‍රේලියානු බලධාරීහු පැවසූහ.
(034)
COMMENTS
හොඳ දෙයක්
කොහේ ගියත් මෙයාලගේ ඔලුව හදන්න බැහැනේ...!
ඕස්ට්‍රේලියාවේ හිරගෙදර එයාගෙ මහගෙදරට වඩා හොඳ ඇති...
අපේ රටේ නම් මෙහෙම වෙන්නේ නැහැ. තරයේ අවවාද කර නිදහස් කරනවා. හිරේ හිටියත් ඕස්ට්‍රේලියාවෙනේ...
ශ්‍රී ලංකාව යළිත් ජාත්‍යන්තරයට...
රටේ නම කාපු අයගේ නම සඳහන් කරන්න. සත්තු වත්තේ සොංහා කූඩුවට දාන්න නිදහස් වුණායින් පස්සේ...!
අපරාදෙ දෙමව්පියන් බොහොම සද්භාවයෙන් දරුවන්ට හොඳ තැනක් ලබාදෙන්නට දරන උත්සාහය අපතේ ගියා. මෙම නොමනා හැසිරීම නිසා දෙමව්පියන් සහ පවුලේ අය මොනතරම් අපහසුතාවයට පත්වෙන්න ඇතිද? තරුණ, තරුණියන් මෙයාට වඩා බුද්ධිමත්ව හැඟීම් පාලනය කරගෙන වැඩ කළොත් හොඳයි.. නිරපරාදෙ අමාරුවේ වැටෙන්නේ නැතිව...
ලංකාවේත් ගැහැණු ළමයෙක්ව අනාථ කරලා මෙහෙන් පැනලා තියෙන්නේ...!
නියමයි...!