ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 40 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (26 වැනිදා) සමත් විය.
ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 179 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 139 ක් පමණි.
ශ්‍රී ලංකාව - 144 සහ 139 යි
ඕස්ට්‍රේලියාව 323 යි
වැඩිදුර තොරතුරු දැනගැනීමට www.kelimandala.lk වෙත පිවිසෙන්න

COMMENTS
දේශපාලනය වගේම මේකත් දවසින් දවස අගාදයටම යනවා. හොද දෙයක් අහන්න දකින්න ලැබෙන්නෙම නැහැ. අපරාදේ අපි බදු ගෙවා ගෙවා මේ අය පෝෂණය කරන්නේ. අපේ ක්‍රිකට් සුදුවක් වෙලා ඉවරයි. මේක ඉවර වුණාම කොහේ හරි රටක සල්ලි වලට තරග වදියි. දින්නත් පැරදුනත් මෙයාලා දිනුම්. රට සවාරි සමග වැටුප්.
හොඳ වෙලාවට මේක ඕස්ට්‍රේලියාවේ දීර්ඝ සති අන්තයක්. අඟහරුවාදා වැඩට යනකොට බොහොමයක් දෙනෙකුට මේක අමතක වෙලා. මට මතක් වෙන්නේ 96 වර්ල්ඩ් කප් ෆයිනල් එකට පහුවදා මම වැඩට ගිය උජාරුව.
දැන් කාලේ හරි අලුත්ම ක්‍රීඩකයෝ 11කට අවස්ථාව දෙන එක. මොකද මේ පරණ ක්‍රීඩකයින්ට දුන්න අවස්ථාව හොඳටම ඇති. 2014 විතර සිට 19න් පහළ කණ්ඩායමක් ගෙනාවා නම් අද වෙනකොට නියම කණ්ඩායමක් හැදිලා. දැන්වත් එහෙම කරා නම් අඩුගණනේ 2022 වගේ වෙද්දීවත් හොඳ කණ්ඩායමක් තියේවි...!!!
මෙහෙම ක්‍රිකට් වැඩක් නැහැ නේද? මේ සල්ලි වලින් මහලු අයව දඹදිව වන්දනාවක එක්ක ගියා නම් ලොකු පිනක් වත් අත්පත් කරගන්න තිබුණා...
ලොකු ලොකු මුදල් ගෙවලා පුහුණු කරුවොයි ක්‍රීඩකයනුයි කරන සෙල්ලම දැක්කාම නම් ජනතාවට එන්නෙ පුදුම දුකකි. මෙම සියළුම ක්‍රීඩකයින් ඉවත් කර 21න් පහළ හොද ක්‍රීඩකයින් යොදලා සෙල්ලම් කරන්න කාලය නම් දැන් හරි. මෙයාලා ලංකාවේ ක්‍රිකට් පීචංම කරලා දානවා... පාසල් මට්ටමේ ක්‍රීඩකයින් යොදවා සෙල්ලම් කරන්නේ නම් ජනතාව වශයෙන් අප ඔවුන් දිරිමත් කිරීම සඳහා පැමිණීමට සූදානම්. මොවුන්ට නම් කිසිම සහයක් අපෙන් නැත. වැඩක් නැති සල්ලිවලට ක්‍රීඩා කරන මෙයාලගෙන් අපටවත්, රටටවත් සෙතක් නැත.
අරජුන රණතුංග මහතා කිව්වා වගේ, පුහුණුකරු හතුරුසිංහ බංගලාදේශේ ක්‍රිකට් හැදුවට ලංකාවේ ප්‍රශ්නේ පුහුණුකරු හෝ ක්‍රීඩකයන්ගේ ප්‍රශ්නයක් නොව පරිපාලනයේ ප්‍රශ්නයක් කියන එක කියලා දැන් වඩා පැහැදිලියි. ඇලන් ඩොනල්ඩ් පන්දු යැවීමේ පුහුණුකරු හැටියට ඇවිල්ලා ආපු ගමන්ම දාල ගියා. ඒ කියන්නේ ඔහුටත් ලංකාවේ වෙන්නේ බොරුවක් කියලා වැටහුණු නිසා විය යුතුයි. ඇමැතිත් කියන්නේ ලංකාවේ ක්‍රිකට් පරිපාලනය දුෂිත වෙලා කියලා. බලන් ගියාම හැමදෙයක්ම දූෂිතයිනේ. හරියට නිකන් පින් ඇති දරුවෙක්ව ඉපිද කර කියාගන්න බැරිව මිය යන මහලු මිනිසෙක් වගේ. මිනිස් ස්වභාවය හැටියට ගත්තම එ්කත් වරදක් නැහැ කියල හිතෙනවා.
සුමිහිරි පානේ පදමට ගහලා, මට මොකටද රටට හෙන ගැහුවත් මගේ ගාන හරි නේ ! හික් හික්... රු 100 දෙන්න ඉතුරු ටික කියන්න, හික්.
ලංකාවේ කොල්ලෝ ඊළඟ තරගෙ හොඳට කරයි. ඉවසන්න
මේ ඔක්කෝටම මුල අසංක ගුරුසිංහව ග්‍රැහැම් ෆෝර්ඩ්ට උඩින් ගෙනාපු එක... ඕස්ට්‍රේලියාවේ අවුරුදු 15 ක් ජීවත් වුනාට මිනිහට කලමනාකරණය සහ මැනේජ්මන්ට් ගැන කිසිම දැනුමක්, ප්‍රායෝගික පළපුරුද්දක් තිබුනේ නැහැ. මිනිහා ටීම් එකේ හැම තැනටම ඇගිලි ගහලා ග්‍රැහැම් ෆෝර්ඩ් යන තැනකට පාර කැපුවා. අනිත් එක ක්‍රීඩකයන් බාගයකට විතර පොඩ්ඩක් බැට් කරන්නයි, පොඩ්ඩක් බෝල් කරන්න විතරයි පුළුවන්. ඉතින් ඒ වගේ ප්ලේයර්ස්ලාත් එක්ක ටෙස්ට් ක්‍රිකට් ගහන්න පුලුවන්ද?
මම ක්‍රිකට් වලට ගොඩක් ආදරය කරන කෙනෙක්... ලංකාවේ ක්‍රිකට් ටීම් එකට වඩා හොඳ පුත්තලම් බූරුවන් 11ක් ක්‍රිකට් සෙල්ලම් කළා නම් ඒ වගේම අපේ සල්ලි කන ක්‍රිකට් පාලක මණ්ඩලයත් අඩු නැතිව පුන්නක්කු කවන්නම වෙනවා. ලංකාවේ ක්‍රිකට් ගැන ඇහෙන කොටත් බඩ දඟලනවා...
ටෙස්ට්, එක්දින සහ 20/20 කියා ක්‍රීඩකයින්ව වෙන්නොකර දක්ෂ ක්‍රීඩකයන්ට සෑම තරගයකටම අවස්ථාව දුන්නා නම් ප්‍රතිඵල මීට වඩා යහපත් වේවි...!!!
ටෙස්ට් ක්‍රිකට් පමණක් නෙමෙයි, එක් දින හා 20-20 තරඟවලින් පවා රට තුළ මෙන්ම විදෙස් රටවල අන්ත පරාජයන් ලබනවා.. ඒ මදිවට දරුණුම ගණයේ දූෂණ චෝදනා එල්ලවෙමින් තියෙනවා.. මෙහෙම ක්‍රිකට් ගහනවට වඩා හොඳයි ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම තහනම් කරන එක කියා අපට හැඟෙනවා..
අපේ ක්‍රිකට් යන අගාධය දැක්කම පුදුම හිතෙනවා. එන්න එන්නම වල පල්ලටම යනවා. අපේ බදු මුදල් වලින් මේ කට්ටිය විඳින සුර සැප දැක්කම පපුව හෝස් ගාලා යනවා. දේශපාලකයෝ වගේ රට හෑල්ලුවට ලක් කරලා පුළුවන් තරම් ෂෝ එකට රට සවාරි යනවා පවුල් පිටින්. ඒ මදිවට බිරින්දෑවරු ගහ මරා ගන්නවා. මේ කට්ටියට මොකද? පැරදුනත් සල්ලි අතේ. දැන් මේ සවාරිය ඉවර වෙලා කොහේ හරි රටකට ගිහින් සෙල්ලම් කරයි සල්ලි වලට. දේශපාලකයින් වගේ ලැජ්ජාවක් ඇත්තෙම නැත්ද? අඩුමගානේ ඉල්ලා අස්වෙන්නවත් මෙහෙම පීචන් වෙනකොට...
මගේ අදහස කරුණාකරලා ටික කාලෙකට ක්‍රිකට් නවත්තන්න. අපිට විලි ලැජ්ජයි මේ රටවල්වල ඉන්න අය අහන දේවල්වලට.. ඔය ටීම් එකට වියදම් කරන සල්ලි අහිංසක ගොවියන්ට බෙදලා දෙන්න.
මැතිව්ස් ගෙන්වන්න
කරුණාකරලා අවුරුදු දෙකකටවත් ක්‍රිකට් නවත්තන්න. නැතිනම් මේ අය මුළු රටම ලජ්ජාවට පත් කරනවා. අපේ හිටපු ලෝක පුජිත ක්‍රීඩකයන්ටත් මේ අය කරන්නේ නින්දාවක්. කිසිම කණ්ඩායම් හැගීමක් මේ අයට දැන් නැහැ. ඉස්සර පාසල් කණ්ඩායමක් මීට වඩා හොදට සෙල්ලම් කරනවා. ලැජ්ජාවක් කියලා නාමයක් මේ අයට නෑ වගේ.
හතුරුසිංහ නෙමෙයි කවුරු ආවත් මේ යන විදිහට කණ්ඩායම ගොඩ දාන්න අමාරුයි.හතුරුසින්හට දැන් හිතෙනවා ඇති කරගත්ත මෝඩ කමක් කියලා.අල්ලපු වත්තත් නැහැ පයගහපු වත්තෙන්නම් මොලො රහක් නැහැ.
නායකයා හා පුහුණුකරු සම්පූර්ණයෙන්ම මෙයට වගකිව යුතුයි. වසර ගණනාවක් තිස්සේ එකම දේය කරන්නේ. අබියෝගයක් නැතිව අලුත් දෙයක් බලාපොරුත්තු විය නොහැක.1996 ට පෙර ජයසුරිය සහ කල්පගේ 7,8 ස්ථානයේ පිතිකරණය කරය. අර්ජුන සහ වට්මෝර් ජයසුරිය අංක 1 යෙදවිය .ජයසුරිය ටෙස්ට් සහ එක්දින අංක 1 පිතිකරණය කළේය. එසේනම් දික්වෙල්ල අංක 7 යොදා සගවන්නේ මක්නිසාද .එහි ප්‍රතිපල පසුගියදා ලැබුණි .එක්දින හා ටෙස්ට් ක්‍රීඩකයන් හොදින් හදුනාගත හැක. එක්දින පිතිකරණය 1,තිසර, 2දික්වෙල්ල 3කුසල් ජනිත් 3.මෙන්ඩිස් 4 ගුණතිලක 5 ඇන්ජිලෝ 6 ගුණරත්න 7 චානක 8 දිල්රුවන් 9 මාලිංග 10 ලක්මාල් 11 සදකන් හෝ ප්‍රනාන්දු අතිරේක තිරිමාන්න මෙය 2019 ලෝකකුසලනයට පෙර සිදුකල හොත් අනිවාර්යෙන්ම ලෝකකුසලනය ශ්‍රී ලංකාවට, මෙය අනිවාර්යෙන්ම මාලිංග සහ හතුරු කියවිය යුතුයි
අර වයසට ගිහින් විශ්‍රාම ගිහින් ඉන්න තිලාන් සමරවීර, මුරලි, අරවින්ද සිල්වා , කළු විතාරණ , කුමර ධර්මසෙන , දිල්ෂාන්, අර්ජුනත් එක්ක ඕස්ට්‍රේලියාවේ ටෙස් ගහන්න යැව්වානම් අඩුම තරමේ දිනුම කෙසේවෙතත් , ඉනින්න්ස් වලින් පරදින එකක්ක නැහැ, පුහුණු කරුවට කරන්න දෙයක් නැහැ , ක්‍රීඩකයෝ සෙල්ලම් කරන්නේ නැත්නම් , හතුරුසිංහ බන්ගලාදේශයට යනකොට එහෙ ක්‍රීඩකයෝ මෙයට වැඩිය උනන්දුවෙන් ක්‍රීඩා කලා, ඔහු කලේ ඔවුන්ට තාක්ෂණික උපක්‍රම පුරුදු කරපු එක ,
කමක් නෑ ඔහොම යන්කෝ.
කොහොම කිව්වත් අපේ කොල්ලෝ දක්ෂ කොල්ලෝ .එකක් දෙකක් පැරදුණ කියලා කලබල වෙන්න දෙයක් නැහැ .
ආරංචිය තිබෙන්නේ පුහුණුවීම් පැත්තකට දමා විනෝද ගමන් ගිහිල්ලා කියලා. මේක කිව්වේ ඕස්ට්‍රේලියාවේ මිතුරෙක්. බොරු වෙන්නත් බැහැ. ඉස්සෙල්ලාම විනය නීතියක් දන්නේ නැති ගොන් තඩි ටික ගෙදර යවලා පිළිවෙලකට සෙල්ලම් කරන්න ලැස්ති කට්ටිය තෝරා ගත්ත නම් ඉවරයි. රාත්‍රී සමාජ ශාලා අස්සේ රිංගා ගෙන පස්සේ දාට ක්‍රිකට් ගහන්න පුළුවන්ද?