IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ඕපාල්ගල රක්ෂිතයටත් බහිරවයාගේ ඇස


(කාංචන කුමාර ආරියදාස)

මොරගහකන්ද ජලාශය පෝෂණය කරන ජල උල්පත් පිහිටි නාවුල ඕපාල්ගල  මහ රක්ෂිතය කිසියම් පිරිසක් විසින් අල්ලාගෙන වැටවල් ගසා වන විනාශයක් ආරම්භ කර ඇතැයි ඕපාල්ගල ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මුහුදු සීමාවේ සිට අඩි 3000 ට වඩා ඉහළ කඳු පන්තියක් මත නාවුල ඕපාල්ගල  රක්ෂිතය පිහිටා තිබේ. නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඕපාල්ගල  ගම්මානයේ සිට පාගමනින් කිලෝමීටර් පහක් පමණ විශාල වනයක් මැදින් කඳු තරණය කිරීමේදී මෙම ජල උල්පත් පිහිටි ස්ථානය හමුවේ. මෙම රමණීය කඳු ශිඛරය  හීන්ගඟ, අඹන්ගඟ පෝෂණය කරන එකම ජල මූලාශ්‍රය වේ.

යම් පිරිසක් විසින් සූක්ෂම ලෙස මෙම රක්ෂිතයේ අක්කර 500කට වැඩි භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන ස්ථිර වැටවල් ගැසීම ආරම්භ කර ඇති බවත් ඒ හේතුවෙන් දුර්ලභ ශාක රැසක් විනාශ කර ඇති බවත් හබරණ ඕපාල්ගල රක්ෂිතය සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.

මොරගහකන්ද ජලාශය ආරක්ෂා කරගැනීම සහ වන විනාශය වළක්වාගැනීම සඳහාත් රජයේ  සහ වනසංරක්ෂණ නිලධාරීන්ට මේ පිළිබඳව දැනුම්දුන්න ද ඔවුන් කිසිදු පියවරක් ගෙන නැතැයිද ඔවුහු පවසති.

ඕපාල්ගල ගමේ සිට මෙම රක්ෂිතය හරහා කඳු මුදුනට කිලෝමීටර් 6ක පමණ දුරක් ගමන්කිරීමේදී දිය ඇලි, ගල්පර, ගස් වැල් පමණක් නොව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මායිම් සලකුණු තිබියදී අලුතින් වැට සැකසීම සඳහා කොන්ක්‍රීට් කණු විශාල ප්‍රමාණයක් රක්ෂිතයේ තැන තැන දමා ගොස් ඇති ආකාරය ද දක්නට ලැබේ.

ප්‍රදේශවාසීන් පැවසුවේ මෙම රක්ෂිතයේ ද සිංහරාජ වනාන්තරයේ මෙන්ම වියළි කලාපයේ ද වැවෙන ශාක පවතින බවය. මෙලෙසින් ඉඩම් අත්පත් කරගෙන ගහකොළ විනාශ වුවහොත් මොරගහකන්ද ජලාශයටද හානි සිදුවන බවත් ඕපල්ගල ගම්මානයේ  සියලු ජල අවශ්‍යතා සපුරාගන්නා ජල මාර්ග සියල්ල විනාශ වන බවත් ඔවුහු පවසති.

ඕපාල්ගල කඳු මුදුනට ගිය විට රූපවාහිනී ගුවන්විදුලි යන්ත්රත තරංග රට පුරා විකාශනය වන කරගහතැන්න විදුලි සංඥා කුළුණු ද  එක්  පසෙකින් ද මොරගහකන්ද ජලාශය අනිත් පසින්ද  බෝවතැන්න ජලාශය තවත් පසෙකින්ද මනරම් වන වියනක් ද දැකගත හැක.

මෙම ඉඩම් අත්පත් කරගන්නා පුද්ගලයන් පෞද්ගලික ඉඩම් ඔප්පුවක් ඇති බව පවසමින් රාජ්‍ය නිලධාරීන්ගේ මාර්ගයෙන් ඕපාල්ගල රක්ෂිතය ඇසුරින් ව්‍යාපාරික ස්ථාන ආරම්භ කිරීමට සූදානමක් ඇතැයි ජනතාව පෙන්වා දෙති.

නාවුල ඕපාල්ගල  මහ රක්ෂිතය ජාතික උරුමයක් ලෙස නම් කර වන විනාශය වළක්වන ලෙස ප්‍රදේශවාසීහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.

 

 



අදහස් (2)

ඕපාල්ගල රක්ෂිතයටත් බහිරවයාගේ ඇස

Chandana F Wednesday, 27 February 2019 06:03 AM

කෝ මේ වනජීවී , පරිසර නිලධාරෙන් සහ අමාත්‍ය තුමා ...............අශ්වයා ගියාට පස්සේ ස්තාලය වැහුවට වෙඩක් නෑ .................මෙහෙමත් රටක්,

:       0       201

sampath Wednesday, 27 February 2019 10:10 AM

මේ වනාන්තර අශ්‍රිතව හමුදා කදවුරු ඉදිකිරීම කලොත් ටිකක් හරි මේවා බේර ගන්න පුළුවන් වෙයි ආරක්ෂාවටත් හොඳයි......

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 136 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 982 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site