(නිමල කොඩිතුවක්කු)
කොවීඞ් වසංගතයෙන් රට ආරක්ෂා කිරීම සඳහා තීන්දු ගැනීමට රජය පසුබට නොවන බවත් ඒ වෙනුවෙන් රජය ගත යුතු සෑම ක‍්‍රියාමාර්ගයක්ම මේ වනවිට ගෙන ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහතා පවසයි.
කොවීඞ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කිරීමට ප‍්‍රයෝගික නම්‍යශීලී වැඩපිලිවලක් රජය ක‍්‍රියාත්මක කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
‘‘අද අපිට තිබෙනව ප‍්‍රදානතම අර්බුදය බවට කොවීඞ් වසංගතය පත්ව තිබෙනවා. එන්නත් ලබාගැනීම ස`දහා අවශ්‍ය සියලූම මූල්‍ය ප‍්‍රතිපාදන රජය වෙන්කරලා තිබෙනවා. මෙතන තිබෙන ප‍්‍රශ්නය මුදල් ප‍්‍රශ්ණයක් නෙමෙයි. එන්නත් ලබාගැනීම පිළිබඳ යම්කිසි ප‍්‍රමාදයක් තිබෙනවා. ඉන්දියාවේ තිබෙන ලෝකයේ විශාලතම එන්නත් නිශ්පාදනය කරන රසායනාගාරය තුළ ඇතිවෙලා තිබෙන ගැටලූවක් මෙයට හේතුවී තිබෙනවා.
මේ වනවිට ලෝකය පිලිගත් එන්නත් වර්ග තුනක් අපේ රටේ භාවිතාවෙමින් තිබෙනවා. කොවීඞ් වසංගතයට එන්නත් ඉතා වැදගත්. හැබැයි එන්නත් පමනක් නෙමෙයි එකම වැදගත් කාරනාව කියන එකත් අපි සිහි තබා ගත යුතුයි. වෙනත් පියවර සම්බන්ධයෙන් පවා රජයේ අවධානය පැහැදිලව යොමුකරලා තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි වේලාවට හරි තින්දු තීරණ ගන්න මොලයක් ඔබතුමන්ලාට නැහැ නේ
ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම අරගෙනත් ප්‍රතිඵලය මේකනම් ඔයාලා ෆේල්. කරුනාකරලා ගෙදර යන්න
අනිවාර්යයෙන්ම. "රසායනික පොහොර සම්පුර්ණයෙන්ම තහනම් කරනවා" කියල පසුබට වෙන්නේ නැතුව ගැසට් එකක් ගහල ආපහු හැරුන ගමන්ම "ගොවියන්ට හැර අනෙත් අවශ්‍ය අයට රසායනික ද්‍රව්‍ය ගෙන්වන්න පුළුවන්" කියල කිසිම පසුබට වීමක් නැතුව තව ගැසට් එකක් ගැහුවා. ෆේල් කියන එකෙත් සීමාවක් තියෙන්න ඕනෑ මහත්තයෝ.
එන්නත් කිරීම විතරයි විසදුම කියල මෙයා කියන්නේ " එන්නත් පමනක් නෙමෙයි එකම වැදගත් කාරනාව කියන එකත් අපි සිහි තබා ගත යුතුයි. " ඉතින් මෙහෙම එක එක්කෙනා වෙන වෙන විදියට හිතනකොට අපිට මෙහෙම වෙච්ච එක අහන්න දෙයක්ද ?
රට වාහන එක හැර, රට විකුණුවත් කමක් නෑ
තව කීයක් මැරෙනකම්ද ඉන්නේ..? ඔය කියන තීන්දු ගන්න.
මිනිස්සු ඉන්නේ වැරදි තීරණවලයි.