IMG-LOGO

ඔසාකා උළෙලේ විශිෂ්ටතම නිළි සම්මානය නිල්මිණි සිගේරාට

 

 (ටී. කේ. ජී. කපිල )
 
             
ජපානයේ ඔසාකා ආසියානු සිනමා උළෙලේ තරගකාරී අංශයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ නිල්මිණි සිගේරා මහත්මිය, ‘අසන්ධිමිත්තා’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සිනමා උළලේ විශිෂ්ටතම රංගනය සඳහා පිදෙන "යශිකෝ මුතු" සම්මානය දිනා ගත්තාය.
 
 ඇය අද(19) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර, ඇය පිළිගැනීම සදහා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අනූෂා ගෝකුළ මහත්මිය, අධ්‍යක්ෂ අශෝක හඳගම මහතා ඇතුළු නළුනිළියන් පිරිසක් ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
 
 



අදහස් (15)

ඔසාකා උළෙලේ විශිෂ්ටතම නිළි සම්මානය නිල්මිණි සිගේරාට

shafeek Tuesday, 19 March 2019 04:46 AM

සුබ පැතුම් …..

:       0       43

ATHULA BANDARA Tuesday, 19 March 2019 05:53 AM

ඔබතුමියට මගේ උණුසුම් සුබ පැතුම්... හොද නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා...ජය වේවා

:       0       17

liyanage Tuesday, 19 March 2019 06:03 AM

මට තම මතකයි අපේ පාසල් සමයේ 1981 කාලයේ ඇය සෝමලතා මහත්මියගේ විකුර්ති නාට්‍යයේ විශිෂ්ට රංගනයක යෙදුන ඇය මෙම සම්මානය ඇයට ලැබීම ගැන මහත්සේ සතුටු වෙනවා ඇයට ඉදිරි ගමනට සුබ පතනවා

:       0       17

Raveendra Tuesday, 19 March 2019 06:11 AM

ඔබතුමියට අපගේ උණුසුම් සුබ පැතුම් !!!!!!

:       0       14

Uditha - London Tuesday, 19 March 2019 06:23 AM

අපි පොඩි කාලේ ශනිදා වාසනාවෙන් නිතරම දකින ඇය.. කලා නිර්මාණ වලදී දැක්කේ බොහොම අතලොස්සක්.... නමුත් රංගනයේදී අති විශිෂ්ඨ ප්‍රතිභාවක් ඇතී ඇයගේ දක්ෂතාවය අපි ලාංකිකයන් වශයෙන් අගය කිරීම අපේ වගකීම.. අද කලාවේ ඉන්නේ අයට හරියට දෙබසක් කියා ගන්න බැහැ.. රඟපෑම් කිරීමේදී මුහුණේ ඒ අවශ්‍ය භාවයන්වත් නොදන්නා පිරිසක් අද ඉන්නේ. කෙසේවෙතත් අපිට ඔබ ගෞරවයක්!!!!

:       0       28

saman Tuesday, 19 March 2019 06:25 AM

එතුමියට සුබපැතුම් රටට ආඩම්බරයක්

:       0       8

Sanath KandyTuesday, 19 March 2019 06:56 PM

අපේ සිනමාකරුවෝ මේ විදිහට ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වීම සතුටට කරුණක්. එ්ත් අද සිනමාව පොදු ජනතාවගෙන් ඈත් වෙලා කියල මට හිතෙනවා. රුපවාහිනියේ ආගමනය නිසා ජනතාව සිනමාවෙන් ඈත්වුණා කියලා තමා විචාරකයෝ කියන්නේ... එ්ත් බලන්නකෝ ඉන්දියාවේ. අලුත් චිත්‍රපටියක් ආවම රසිකයෝ පොර කකා බලන්නේ... එක රසිකයෙක් එකම චිත්‍රපටිය දහදොළොස් වතාවක් බලනවා. අපේ සිනමාවට එහෙම ජනතා ආකර්ෂණයක් දිනාගන්න බැරි ඇයි...?

:       0       31

Uditha - LondonWednesday, 20 March 2019 06:29 AM

අපේ සිනමාවේ නරක පැත්ත වැඩියි.. ඉන්දියානු සිනමාවේ ඕවා නැතුවම නොවේ.. නමුත් ඒ මිනිස්සු තමන්ගේ රස්සාව දේවත්වයෙන් සලකලා එ්කට කැප වෙනවා.. රූපගත කරන්න කලින් වේෂ නිරූපන ශිල්පිය එක්ක නර්තනය සඳහා වෙන්වූ කෙනා එක්ක තමන්ගේ දෙබස් ගෙන කාර්මික ශිල්පියා එක්ක පවා මනා අවබෝධයක් ලබාගෙන තමා රූපගත කරන ස්ථානයට යන්නේ.. යන්න කලින් කෙරෙන දේ ස්ටඩි කරනවා.. ඒකට හරියන්න අපේ කට්ටිය,,, සෙට් යනකන් දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා.. ෆෝන් එක ඔබ ඔබ ඉඳලා මෙලෝ සිහියෙන් එලොව අතගානවා වගේ... මොනවා හරි කරලා ගෙදර එනවා.. ඕක තමයි ලංකාවේ සිනමාවේ ඇත්ත.. තවත් දෙයක් කියන්න ඕනෑ.. නමුත් ස්වර්ණා, මාලනි, ගීතාලා, අනොජාලා, ගාමිණී, ජෝ, ඔය මිනිස්සු සිනමාවේ යමක් කලා.. ඒ මිනිස්සු හැරුණත් ප්‍රේක්ෂකයට යමක් දැනෙනවා.. එ්ක තමා රංගනය...

:       0       51

wedage Tuesday, 19 March 2019 07:20 AM

ඔබේ සිනා මුවමඬලට මං හරි ආසයි වලා යටින් පෝදා සඳ පායන ගානයි....

:       0       20

Sarasi Tuesday, 19 March 2019 08:34 AM

සුභ පැතුම් ,! මෙන්න ප්‍රතිභාවෙන් අනුන කලාකාරියෝ. මම දැක්ක තමන්ගේ පළමු ටෙලි නාට්‍යයක දර්ශන තුනක රඟපාන තරුණ නිලියක මාධ්‍ය සාකච්චාවක කියා තිබුනා හරිම ආදර්ශමත් කතාවක්. අනේ මම තවම ඉස්කෝලේ යන ක්ලාස් කට් කරන දඟ ළමයෙක් අනේ. මේ ටෙලි නිලියන් අනුකරණය කරන්න යන අපේ බාලිකාවන්ට දෙවියන්ගේම පිහිටයි.

:       0       11

chinthaka Tuesday, 19 March 2019 09:56 AM

ජයෙන් ජයම වේවා. ඔබතුමියට ඉතසිතින් සුබ පතමි.

:       0       15

bandula Tuesday, 19 March 2019 10:37 AM

අපේ ලුම්බිණියෙන් ගුරුතුමීට සුබපැතුම් බන්දුල

:       0       4

smn Tuesday, 19 March 2019 01:24 PM

උණුසුම් සුබ පැතුම් !!!

:       0       3

nali Wednesday, 20 March 2019 06:08 PM

අපේ යුගයේ සොහොයුරියක්, මෙච්චර කාලයකට පස්සේ

:       0       6

Siri Thursday, 21 March 2019 08:29 PM

සුපිරියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 325 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 801 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site