(යොහාන් භාසුර)
ජපානයේ ටෝකියෝ නුවරදී ලබන 23 වැනිදා ආරම්භ වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන 26 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා නිල කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් කෝටි 5 කට ආසන්න (මිලියන 46.2) මුදලක් වැයකරන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසීය.
ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ කණ්ඩායමක් සඳහා වැය කළ වැඩිම මුදල මෙය වේ.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සෘජුවම සුදුසුකම් ලැබු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකුට ඩොලර් 15,000 (රුපියල් ලක්‍ෂ 30) බැගින් ද, වෙනත් පදනමින් සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනකුට ඩොලර් 10,000 (රුපියල් ලක්‍ෂ 20) බැගින් ද, පිරිනැමේ. ඊට අමතරව පුහුණුකරුවන් සය දෙනෙකුට ඩොලර් 5,000 (රුපියල් ලක්‍ෂ 10) බැගින් ලබාදීමට නියමිතය.
මෙම දීමනාවට අමතරව සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් ඩොලර් 40 (රුපියල් 8000) බැගින් දෛනික දීමනාවක් ද හිමිවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට අාවට පස්සේ දීපල්ලා සල්ලි... නැතිනම් ආයිත් එන්නේ නැහැ...
ක්‍රිිකට් පස්සෙන්ම දුවන්නේ නැතිව මෙවැනි විශිෂ්ඨයින් ඉදිරියට ගත යුතුයි.
පහට දහයක් හරි දීලා අපේ කොල්ලො කෙල්ලො මොරාල් කරලා දිනවන්න. සියලුම ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජයවේවා...!!