(විනීතා එම් ගමගේ)
ඔමික්‍රොන් වයිරසය වැළඳී ඇතැයි හෙළි වූ, නයිජීරියාවේ සංචාරය කර මෙරටට පැමිණ සිටින කාන්තාව ලුනාව නිරෝධායන මධ්‍යස්ථානයට යැව්වත් ඇය එහි රඳවාගෙන ඇත්තේ එක් දිනක් පමණක් යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි.
ඒ අනුව 24 වනදා මෙරටට පැමිණි ඇය 25 වැනිදා තම නිවසට පැමිණ ඇති බවත් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් ඇය ගැන දැනගත්තේ දින 9 කට පසු 3 වැනිදා වන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අප කළ විමසීමකදී පැවසීය.
රෝග ලක්ෂණ නොමැති බැවින් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවසේ රැඳී ප්‍රතිකාර ලැබීම සඳහා ඇය එවා ඇතත් ඒ බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට හෝ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දන්වා නොමැති බව ද හෙතෙම කියා සිටියේය.
ඉකුත් 25 වැනිදා නිවසට පැමිණ ඇති ඇය හමුවන්නට නොයෙක් පිරිස් ආ ගිය බව ප්‍රදේශවාසින් පවසන බවත්, පී සී ආර් සාම්පල ලබා ගන්නැයි වසංගත රෝග අංශය විසින් ඉකුත් තුන්වනදා දැනුම් දෙන තුරු එවැනි අයෙකු තම බල ප්‍රදේශයේ සිටින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැන නොසිටි බවත් ඔහු සඳහන් කළේය.
නයිජීරියාවේ ආගමික සමුළුවකට සහභාගි වෙමින් මාසයක් එහි සිට ඇති ඇයත් ඇගේ සැමියාත් කොවිඩ් රෝගය සඳහා වන කිසිදු එන්නතක් ලබා ගෙන නැති බවත් පි සී ආර් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් යනවිට පවා ඔවුන් පැමිණ ඇත්තේ මුව ආවරණයක් වත් නැතිව බවත් උපුල් රෝහණ මහතා කියා සිටියේය.
මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට අන්තර් ආයතන සම්බන්ධතා තබාගැනීමේ වැදගත්කම සියලු දෙනා අවබෝධ කර නොගතහොත් ඔමික්‍රෝන් වයිරසය රට පුරා පැතිර යාම වැළැක්විය නොහැකි වනු ඇතැය ද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
දැන් කෝවිඩ් එන්නත් නැතිව ලංකාවට එන්න පුළුවන් නම්, ඒ මිනිස්සු ඇවිල්ලත් තියේනම් වරද කාගේද...? මේ පාදඩ ආණ්ඩුවේ බලධාරින්ගේ නෙමෙයිද? එන්නත ගන්න ගන්න කියලා මැරෙන්න හදන්නේ එන්නත නැතිව එන එවුන් අල්ලන්න බැරිද ඒ අයට..?
මේවා ඔක්කොම ප්ලෑන්. අර කලින් චයිනිස් නංගි ගෙනාවා වගේ ,මේ හදන්නේ ආයෙත් පරන විදිහට නිකන් ඉඳලා පඩි ගන්න.කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්
පාලකයන්ගේ කටේ පුරසාරම් ,බේගල් විතරයි
අපි දකුණු ආසියාවෙම ඉන්න මහා උගතුන් සහ වැදගතුන් වගේ හිටියට මොකද හෘද සාක්ෂියට එකගව සහ බුද්ධිමත්ව ගුවන්තොටුපල ක්‍රියා පටිපාටිය සම්බන්ධීකරණය කිරීමට අසමත් බව මෙයින් පෙන්නුම් කරනවා. උගතුන්ගේ උගත්කම සහතිකයකට පමණක්වී බුද්ධිය සහ වගවීම යන කරුණු ඇත්තෙ අතලොස්සක් තුළවීම රටේ අවාසනාවක්. මේ හැම දේටම දේශපාලකයන්ට පමණක් දොස් කියා ඇග බේරා ගැනීම සිදුවීමත් මෙම ස්ථානවල හිතමිත්‍ර ආදීන් සාමාන්‍යය ක්‍රියා පටිපාටියෙන් බැහැරව රට තුලට ගෙනඒම සිදුවුනා නම් ශ්‍රී ලංකාව තුල එය සංස්කෘතියේ නරකම කොටසක් බව අපි කවුරුත් දන්නවා. ඒත් මේ ක්‍රමය වෙනස් කිරීම හැමෝගෙම වගකීමක්.