IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ඔබාමාට - හිලරි ක්ලින්ටන්ට සැක කටයුතු පාර්සල් යවති

වොෂින්ටන්හිදීය/නිව්යෝක්හිදීය (රොයිටර්)

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සහ එරට හිටපු රාජ්‍ය ලේකම් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා හිලර් ක්ලින්ටන් යන අයගේ නිවෙස්වලට සහ ධවල මන්දිරයට සැක කටයුතු පාර්සල් ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ රහස්‍ය සේවය (සීක්‍රට් සර්විස්) සහ පරීක්ෂණවලට සම්බන්ධ අයෙක් ද ඒ බව අද (24) තහවුරු කළේය.  

ධවල මන්දිරයට යවන ලද බව කියන සැක කටයුතු පාර්සලය ධවල මන්දිර පරිශ්‍රයට ගෙන යෑමට පෙර වෙනත් තැනකදී ආරක්ෂක අංශ අතට පත්වූ බවත් එම පුද්ගලයා රොයිටර් පුවත් සේවයට පැවැසීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල චරිත දෙකක් වන හිටපු ජනාධිපති බැරක් ඔබාමා සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් යන අයගේ නිවෙස්වලට අමතරව එම පක්ෂයේ ප්‍රධාන ආධාරකරුවකුගේ නිවසකට ද සැක කටයුතු පාර්සලයක් යවා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙලෙස ඔවුන්ගේ නිවෙස්වලට සැක කටයුතු පාර්සල් කවුරුන් හෝ විසින් එවා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ මැතිවරණය පැවැත්වීමට සති දෙකකට ආසන්න කාලයක් තිබියදීය. ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ මැතිවරණ ලබන මස 6 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙවර මහ මැතිවරණය තීරණාත්මක මැතිවරණයක් වනු ඇතැයි ද පැවසේ. මැතිවරණයේ ප්‍රතිඵලය මත ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් සභාවේ පාලනය හිමි වනු ඇත්තේ කාටදැයි තීරණය කරනු ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය වර්තමානය වනවිට දැඩි ලෙස ධ්‍රැවීකරණයට ලක්ව ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.

හිටපු රාජ්‍ය ලේකම් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා හිලර් ක්ලින්ටන්ගේ නිවසට යවන ලද පාර්සලය සොයාගෙන ඇත්තේ අඟහරුවාදා (23) පස්වරුවේ වන අතර හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ නිවසට යවන ලද පාර්සලය සොයාගෙන ඇත්තේ අද (24) පෙරවරුවේදීය. පාර්සල් ඇමෙරිකා එක්සත් ජනපද රහස්‍ය සේවයේ නිලධාරීන්ගේ අතට පත්ව තිබෙන අතර ඔබාමා හා හිලරි ක්ලින්ටන් යන දෙදෙනාට කිසිදු අවදානමක් නැතැයි ද එම නිලධාරිහු කීහ.

හිටපු ජනාධිපති බැරක් ඔබාමාට සහ හිලරි ක්ලින්ටන් යන දෙදෙනාට ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සහාය හෙළා දකිමින් ධවල මන්දිරය අද (24) නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ එෆ්.බී.අයි. ආයතනය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ද දැනගන්නට ලැබිණි.



අදහස් (0)

ඔබාමාට - හිලරි ක්ලින්ටන්ට සැක කටයුතු පාර්සල් යවති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 312 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 395 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site