(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මේ වෙලාවේ මත්පැන් අත්‍යාවශ්‍ය නොවන දෙයක් බවත් ඔන්ලයින් හෝ මොන ක්‍රමයට මත්පැන් දුන්නත් තමා ඊට විරුද්ධ බව කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අද (16) මාතර දී පැවසුවාය.
මාතර බෝධී ආරක්ෂක සභාව මගින් මාතර මහ රෝහලට රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා උපකරණ ප්‍රදානය කිරිමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් ඇය ඒ බව කීවාය.
මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අභියස දම් සභා මණ්ඩපයේ දී එම උපකරණ පරිත්‍යාග කිරීම සිදු විය.
මේ වන විට ආසාදිතයින්ගේ යම් අඩුවක් පෙන්නුම් කලද කොරෝනා මරණ සංඛ්‍යාවේ යම් ඉහල යාමක් පවතින බවත් එම තත්වය තව සති දෙක තුනක් පවතිනු ඇති බවත් ඇය ප්‍රකාශ කලාය.
විශේෂයෙන්ම ගම්මානවල නීති විරෝධී මත් පැන් ජාවාරම ඉහල ගොස් ඇති බවට පොලීසිය ප්‍රකාශ කරන බව කී රාජ්‍ය අමාත්‍යවරිය ඊට පිළියමක් ලෙස නව ක්‍රමය හදුන්වා දෙන්නට ඇති බවද කොහොම නමුත් ඊට තමා පුද්ගලිකව ද විරුද්ධ බව කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ...
එහෙම නම් කරන්න තියෙන නම්බුකාරම වැඩේ තමයි ඒ ගැන විරුද්ධතාවය ප්‍රකාශකරලා ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන එක. ඒ එක්කම අර සිංහල ජාතිය, බුද්ධාගම ගැන මහා ලොකු කැක්කුමක් පෙන්වන කට්ටියක්, අනෙක් කෙනාත් එකතු කරගත්තා නම් තමයි නියම. කීයක් ඔට්ටුද? ඒක නම් මේ කපේදී වෙන දෙයක් නම් නොවේ ඔන්න...
කට්ටියම ඒකතු වෙලා අපිට බොරු කරනවද
මොනවද මේ කට... ? මෙයාගේ කැමැත්ත, අකැමැත්ත වගේද, මැටි ඇමැතිවරුන්ගේ බිස්නස්..
මේ රජය තීරණ ගන්නේ ඉතාම අදුරදර්ශී ආකාරයටයි. කිසිම විද්‍යාත්මක පදනමක් නැතිව කරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. මත්පැන්, වාහන මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය දේවල්ද? මහජන සෞඛ්‍ය, රෝහල් සහ ජනතාවට අවශ්‍ය සහන සැලසීමයි කළයුතුව ඇත්තේ.
ඒ කියන්නේ මේවා ගෘහ කර්මාන්තයක් වශයෙන් දියුණු වෙනවට කැමතියිද? ලංකාවෙ උගතුන්ට පේන්නේ කාසියේ එක පැත්තක් පමණයි.
විරුද්ධ වීමට ඔබට අයිතියක් තිබෙනවා සේම මත්පැන් මිලදී ගන්නා අයට ඔන්ලයින් ක්‍රමයට ගැනීමට අයිතියක් තිබෙනවා.
මමත් විරුද්ධයි....!!!
ඒ අපේ සර්ගේ ආකල්ප නේ.. ඒවට විරුද්ධ වෙලා වැඩක් නෑ.