
(බිඟුන් මේනක ගමගේ)
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද කොවිඩ් නිර්දේශ උල්ලංඝනය කරමින් ගාල්ල නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් නුවරඑළිය ප්‍රදේශයේ තෙදින ක්ෂේත්‍ර නිරීක්ෂණ අධ්‍යයනයක් සඳහා අද(8) පිටත්ව ගොස් ඇත.
නුවරඑළිය නගර සභාව මගින් පාලනය වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය, මළ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය, අන්තර්ජාලය මගින් ඔන්ලයින් ගෙවීම් අධ්‍යයනය හා මොබිටෙල් ආයතනය සමග එක්ව කරන රථ නැවතුම් ගාස්තු අධ්‍යයනය කිරීම යන විෂය අධ්‍යයනය සඳහා ගාල්ල නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිස මෙසේ පිටත්ව ඇත.
ගාල්ල මහ නගරාධිපති ප්‍රියන්ත සහබන්ධු මහතා විසින් මන්ත්‍රීවරුන් වෙත ගමනට අදාළ ආරාධනා ලිපිය යොමුකර තිබෙන්නේ පසුගිය මස 21 වැනිදාය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ගමනට සහභාගී වී සිටි ගාල්ල නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් මහතා පැවසුවේ අධ්‍යයන කටයුත්තක් සඳහා මෙම ගමන සිදුවන බවත් එවැනි සෞඛ්‍ය නිර්දේශයක් ගැන තමා දැනුවත් නැති බවත්ය.
කෙසේ වෙතත් නාගරික මන්ත්‍රීවරුන් පිරිස ගමන ආරම්භයෙන් පසුව ඊයේ දවල් ඇඹිලිපිටිය ඇත් අතුරු සෙවණ ද නිරීක්ෂණය කර තිබිණි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා පසුගිය 6 වැනිදා කොවිඩ් 2020-347 දරන නිවේදනයෙන් සියලුම ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සැණකෙලි ඇතුළු අත්‍යවශ්‍ය නොවන රැස්වීම් සියල්ල නැවත දැනුම් දෙනතුරු දිවයින පුරාම තහනම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කියයි මහජන මුදලින් මේ චාරිකාව මහජන යහපත උදෙසාලු...
මහජන මුදල්නේ... පොඩි සැපක් ගත්තාම මොකද?
මහ අය රෑට ගිහින් විනෝද වෙන කොට පොඩි එවුන් නුවරඑළි ගියාට මොකද වෙන්නේ?
ඔන්න ආණ්ඩුවට කොන්දක් තියෙනවා නම් මේ වියදම් ඒ ගිය කට්ටියගේ වැටුපෙන් කපාගන්න වෙලාව.
මේ කුණු වෙච්ච තක්කාලි ගෙඩි ටික හොඳ වෙලාවට රට තුළම වෙනත් ප්‍රදේශයකට ගියේ පිටරටකට නොගොස්.. එමගින් තේරෙනවා නේද දේශපාලුවන් යනු (පක්ෂ බේදයකින් තොරව) මොන ක්‍රමයකින් හෝ රට කාබාසිනියා කරන කාලකන්නි හැතිකරයක් බව..
එතකොටනෙ ඇත්තටම තමං බලේ ඉන්නවා කියලා දැනෙන්නෙ. හිතුන වෙලාවට පොඩි ෆන් එකක් ගන්න බැරිනං මොකද්ද ඔය බලේ ඇති වැඩේ. කොච්චරනං කැපවීමකින්ද මෙයාලා අපිට සේවය කරන්නෙ, පව් අනේ එයාලා.
අනේ ඉතින් අපිට නම් කමක් නැහැ. මේ ගොල්ලන්ගෙන් කෙනෙකුට , දෙන්නෙකුට හැදෙනවා නම් රටම සතුටු වෙයි. මොකද එහෙම වුණොත් විතරයි මේ අයට රුජාවක් දැනෙන්නේ..
ඇයි මේවා මැජික්ද? යූ ටියුබ් එකෙනුත් ඉගෙන ගන්න හැකියි. මොනවා ඉගෙන ගත්තත් ටෙන්ඩර් කොමිස් කෙළලා ටිකට් කඩනවා. මැෂිමෙන් හොරාකන්න බැරි නිසා කෝටියක ට්‍රිප් එකක්.. අහෝ මහජන මුදල්...!!!
කොරෝනා වගේද චාරිකාව..?