IMG-LOGO

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා


ඔන්ලයින් ක්‍රමයට මත්පැන් විකිණීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශයට

(සුජිත් හේවාජුලිගේ)

සුපිරි වෙළඳසල් හරහා ඔන්ලයින් ක්‍රමවේද‍ය ඔස්සේ පාරිභෝගිකයන්ට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන්නැයිවූ යෝජනාවක් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සුපිරි වෙළඳ සල් හරහා ඔන්ලයින් ක්‍රමයට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන්නැයි විවිධ පාර්ශවවලින් ඉල්ලීම් ලැබී ඇති බවත් ඒ අනුව ඊට අදාළ නිර්දේශ හා නිරීක්ෂණ මුදල් අමාත්‍යාංශයට දැනටමත් ඉදිරිපත් කර ඇති බවත් සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවසීය.

මුදල් අමාත්‍යාංශයෙන් ඒ සඳහා කොන්දේසි සහිත අවසරයක් ලැබෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

සංචරණ සීමා කාලයේ දී බොහෝ පිරිස් සිය නිවෙස්වලම මත්පැන් පෙරීමට පටන් ගැනීම නිසා රජයට දීර්ඝකාලීනව බදු ආදායම් අහිමිව යෑමේ අවදානමක් මතුව තිබෙන බවත් මේ කරුණු සැලකිල්ලටගෙන සුපිරි වෙළෙඳසල් හරහා ඔන් ලයින් ක්‍රමයට මත්පැන් සැපයීමට මුදල් අමාත්‍යාංශයෙන් මෙසේ අවසර ඉල්ලූ බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානීහු පවසති.

ඉදිරියේදී එම අවසරය බොහෝ දුරට ලැබෙනු ඇතැයිද ඒ නිලධාරීහු සඳහන් කරති.

 



අදහස් (31)

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් විකිණීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශයට

යෝගා Tuesday, 15 June 2021 01:55 PM

හොඳ යෝජනාවක්... මේවා බලෙන් නවත්තන්න බෑ. අවශ්‍ය කෙනා කොහොම හරි සපයා ගන්නවා.

:       187       329

gamunuTuesday, 15 June 2021 04:23 PM

බොහෝ පිරිස් සිය නිවෙස්වලම මත්පැන් පෙරීමට පටන් ගැනීම නිසා රජයට දීර්ඝකාලීනව බදු ආදායම් අහිමිව යෑමේ අවදානමක් මතුව තිබෙන බවත් මේ කරුණු සැලකිල්ලට ගෙන සමස්ත තරුණ ප්‍රජාව විනාශ කිරීමට සහ වෙනත් කූට ජාවාරම් බිහිකිරීමේ දූෂිත ආරම්භයක්... කෝ මේ රජය පත්කරපු නායක හාමුදුරුවරු හෝ මුරදේවතාවුන්...?

:       107       128

gunarathnaTuesday, 15 June 2021 04:48 PM

එහෙනම් සංචාරක නීති මුලු අවුරුද්දටම දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඔන්ලයින් ක්‍රමයට වඩා හොඳ නැද්ද චූන් පාන් ක්‍රමයට බෙදා හැරියොත්...?

:       1       151

NimalTuesday, 15 June 2021 07:14 PM

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් මිලදී ගැනීමට නොව පාසල් දරුවන්ට අධ්‍යාපනය කරගෙන යාමට ඔන්ලයින් පහසුකම ක්‍රමවත්ව සකසා දෙන්න. මේ යනවිදිහට ගියොත් මේ රට කොහෙන් නතර වේවිද? ලෝකයේ කිසිම රටක ඔන්ලයින් මාර්ගයෙන් මත්වතුර විකුණන රට ලංකාව. ඉදිරි මැතිවරණයේදී රජයේ රිපෝර්ට් කාඩ් එක බලාගන්න පුළුවන්..

:       60       239

Raveendra Tuesday, 15 June 2021 01:59 PM

ඉක්මණට කිරිබත් උයලා සමරන්න ලෑස්ති වෙන්න.. රබන් ගහලා " රට රකින අපේ විරුවා " සිංදුවත් දැම්මා නම් 69 ලක්ෂයට අමාරුව නිට්ටාවටම සනීප වෙයි..

:       422       1109

Nuwan Tuesday, 15 June 2021 02:23 PM

මතට තිත කියලා පටන් ගත්තේ... අන්තිමට ලයිසන් තවතව දීලා තමයි නැවතුණේ...

:       36       239

santha Tuesday, 15 June 2021 02:41 PM

ඉක්මණට දෙන්න...

:       22       60

jayath Tuesday, 15 June 2021 02:48 PM

මේ අයට මොලේ පෑදිලා තියෙන්නේ දැන් තමයි...! මිනිහෙක් බොන එක එයාගේ සිවිල් අයිතියක්.. බීලා මැරෙන එකත් එහෙමයි.. බොන එකා දැනගන්න ඕනෑ කොහොමද මම බොන්නේ කියලා. අනික බොන අය වැඩියම ඉන්න පහළම සමාජ ස්ථරයේ ඉන්න කට්ටිය ඔය මොනවා වහලා තිබ්බත් බොන්න හොයා ගන්නවා..

:       29       262

LakmalTuesday, 15 June 2021 04:13 PM

බීලා මැරෙනවා නම් එකක්, කාලකණ්ණි ලෙඩ හදාගෙන හැමෝගෙම සල්ලි වලින් බේත් කරන්නත් ඕනෑනේ....!!!

:       3       79

කිරි පුතා Tuesday, 15 June 2021 02:56 PM

මිනිසුන් බීමට කොපමණ ඇබ්බැහි වෙලාද?

:       1       18

Bempi Tuesday, 15 June 2021 03:15 PM

ලොක්ඩවුන් කාලය තුළ කසිප්පු පෙරීමටත් ඉඩදෙන්න. සාධාරණ සමාජයක් සඳහා.

:       3       17

ගමේ එකාලාTuesday, 15 June 2021 03:50 PM

අමුතුවෙන් ඉඩ දෙන්න ඕනේ නැහැ. ගම්වල හොර රහසේ ඕන හැටියේ පෙරනවා.. කටුකම්බි කියලයි අපේ ගමේ කියන්නේ...?

:       0       11

ලුම්බිණි Tuesday, 15 June 2021 03:22 PM

හොඳ දෙයක්...!!! 

:       67       134

Asanga Tuesday, 15 June 2021 03:27 PM

ඇති යාන්තම් හොඳ යෝජනාවක් ගෙනාවා.

:       137       203

upali Tuesday, 15 June 2021 03:35 PM

කුරුම්බාවලට පුරුදු වුණාම තැඹිලි තිබුණත් එකයි, නැතත් එකයි..

:       0       11

Kamal Tuesday, 15 June 2021 03:37 PM

මේ මගින් සිදුවන්නේ සුළු පිරිසක් විසින් මත්පැන් මිලටගෙන වැඩිමිලට විකිණීමේ ජාලයක් සකස් වීමයි. ඇත්තටම සිදුවිය යුත්තේ සියලු පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීමේ ජාලයක් රජය මගින් සකස් කිරීමයි.

:       34       264

විපරමා Tuesday, 15 June 2021 03:38 PM

සමහර පැතිවල හොර රහසේ කසිප්පු පෙරනවා. කුඩා පොලිතීන් බෑග්වල විකුණනවා. පොලිසියෙන් ඇල්ලුවත් පගාව දීලා බේරෙනවා...

:       33       7

ගමේ එකාලාTuesday, 15 June 2021 07:01 PM

හොරට පෙරන පොලිසියට ජරාව දීලා බේරෙන අය වෙන්නැති අන්ලයික් කරලා තියෙන්නේ?

:       3       6

කුමාරWednesday, 16 June 2021 08:36 AM

අම්මෝ ගමේ එකෝ...!!! ඒක නම් පට්ටම කියමනක්...

:       0       3

pradeepa Tuesday, 15 June 2021 04:02 PM

ඔය විකාර වැඩ නතර කරලා අපේ ගෙදර ඉන්න පාසල් ළමුන්ට ඉගෙන ගන්න ඔන්ලයින් ක්‍රමයක් හැදුවොත් නරකද? ඒක අපේ අනාගත ආයෝජනයක්නේ...

:       6       113

K.C.Appu Tuesday, 15 June 2021 04:27 PM

අනේ ඕකට නම් ඉඩ දෙන්න එපා.. මීට කසිප්පු මුදලාලි...

:       1       11

sidath Tuesday, 15 June 2021 06:02 PM

තමන්ට අවශ්‍ය දේ තමන් සපයා ගැනීමේ වරද කුමක්ද? එය ස්වයං පෝෂණයේ ලක්ෂණයක් නොවේද?

:       19       4

fairoos Tuesday, 15 June 2021 06:02 PM

මතට තිත.. මේක බෞද්ධ රටක්.. කෝ අපේ විරුවා..?

:       0       168

de silva Tuesday, 15 June 2021 06:43 PM

මත්වතුරවලට ගහලා තියෙන විශාල බදු ප්‍රමාණය නිසා මත්දුව්‍ය නිවසේම පෙරාගෙන වැඩිහරිය ස්වයං රැකියාවක් ලෙස පාරිභෝගිකයන් කිහිප දෙනෙකුට විකිණීම කරන විශාල පිරිසක් කෝවිඩ් තිබුනත්, නැතත් පසුගිය කාලේ විශාල ලෙස රටේ බිහිවෙලා.

:       0       6

බද්රානි Tuesday, 15 June 2021 07:16 PM

රටේ ජාතිය, ආගම ධර්මය, රක්ෂිත වනාන්තර, මුහුද ඇතුළු වෙරළ ආශ්‍රිත පරිසරය විකුණගෙන කාලා මුදල් ගොඩගසා ගන්නා පාලකයින් අරක්කු ටිකක් ජනතාවට විකුණලා මුදල් ටිකක් උපයාගන්න එක මහලොකු වරදක්ද? බලුකම්, ජඩකම්, තක්කඩිකම්, පාදඩකම් , නිවටකම් කරලාම විනාශ මුඛයේ සිටින ජාතියක් අරක්කු ටිකක් බීලා විනාශ වෙන එකත් ලොකුවට හිතන්න තරම් දෙයක්ද? ඔන්ලයින් ඕඩරයක් දාලා බඩු ටික ගෙදරටම ගෙන්වාගෙන "චියර්ස් " කියලා සෞදිය පුරලා කාලා බීල ජොලි කරමුකෝ අපි හැමදාම. අන්න එතකොටනේ කරපු වෙනසේ "සැප" දැනෙන්නේ නියමෙටම...

:       44       121

BamunuarachchiThursday, 17 June 2021 10:54 AM

මේ වගේ දොඩවන මිනිස්සු ඕනෑතරම් ඉන්නවා. ඔන්ලයින් ක්‍රමයට බීලා අලුතින් මිනිස්සු මත්පැනට පුරුදු වෙන්නේ නැත. බොන්නේ පරණ සෙට් එකමයි. එ් නිසා කලබල වෙන්න එපා. වසා තැබීම නිසා පාඩුව කෝටි 1500 යි. ඒ ගැනත් හිතන්න බදු ආදායම රජයට අත්‍යාවශ්‍ය දෙයක්....

:       0       0

ajith Tuesday, 15 June 2021 08:43 PM

රසායන පොහොර හොඳ නෑ ආණ්ඩුවට.. ජරා අරක්කු හොඳයි ජනතාවට... ඉඩම් ටිකට කෙළින්න හදන්නේ. මිනිස්සුන්ට ආදරේට නොවෙයි.

:       17       124

rangi Wednesday, 16 June 2021 06:27 AM

තැබෑරුම් වැඩිහරියක අයිතිකාරයෝ කවුරුත් දන්නවනේ... එයාලට ආදායම අඩුවෙලා ඇති. කෝ මේවාට අපේ හාමුදුරුවරු කතා නැහැ නේද?

:       0       30

A.A.C.S.AMARATUNGA Wednesday, 16 June 2021 09:32 AM

ගොඩක් හොදයි

:       0       0

de silva Wednesday, 16 June 2021 09:41 AM

රසායනික පොහොර ජනතාවට විෂ වුණාට, එතනෝල් වැනි විෂ රසායන දමලා හදන එතනෝල් ජොනීගේ අරක්කු විස නැහැ. ඒකට හේතුව ජොනී දේශප්‍රේමී පිලේ කෙනෙක්නේ...

:       0       0

rihan Wednesday, 16 June 2021 09:45 AM

මත්පැන් පානය කළ මිනිසා තිරිසනෙක් හා සමානයි... හැම ආගමකම නායකවරු මත්වතුර තහනම් කර ඇත. ඇයි මේ නායකයන් මේ ගැන ඔච්චර කල්පනා කරන්නේ..? රට දිනුවට කරන්න කොච්චර දේවල් තියෙනවද? මත්වතුර බීලා රටක් හදන්න පුළුවන්ද? මහ මෝඩ රැළක්...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සහල්මෝල් හිමියන්ගේ ලාභය දැනගතහොත් පුදුම වෙනවා
2025 පෙබරවාරි මස 08 1870 0

මහා පරිමාණ සහල්මෝල් හිමියෙක් ලබන ලාභය පිළිබඳව ජනතාව දැනගතහොත් පුදුමයට පත්වන බවත් වී මිල තීරණය කිරීමේදී සහල්මෝල් හිමියන්ගේ සියලු‍ම වියදම් සහ ආදායම් ප


විදේශ සේවයේ පත් කිරීම් ගැන විදේශ සේවා සංගමය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 08 932 0

දේශපාලන වරදාන ලෙස මහ කොමසාරිස් ධුර සහ තානාපති ධුර පිරිනැමීමේ දීර්ඝ සහ අතිශය කණගාටුදායක සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යමින් විදේශ සේවය සඳහා ජාතික ජන බලවේග


අයි.එම්.එෆ් සිව් වන වාරිකය ලෙස ඩොලර් මිලියන 333
2025 පෙබරවාරි මස 08 1557 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනේ ප්‍රමිතීන්ට අනුකූලව ’’2025 අයවැය’’ ඉදිරිපත් කිරීම සහ පෙර එකඟවූ කොන්දේසි ඉටු කිරීම මත පසුගිය නොවැම්බර


නිල සංචිත ඩොලර් මිලියන 57 කින් පහළ යයි
2025 පෙබරවාරි මස 08 2372 0

පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නිල සංචිත ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.065 දක්වා සියයට 0.9 ක ප්‍රතිශතයකින් එසේත් නැතිනම් ඩොලර් මි


මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්
2025 පෙබරවාරි මස 08 1279 2

එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ග


පාස්පෝට් කාර්යාලයට නව පොලිස් මුරපොළක්
2025 පෙබරවාරි මස 08 1491 3

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහා සහ ජනතාවට සහාය සඳහා නව පොලිස්


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 46 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 847 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site