
(යොහාන් භාසුර)
නීති විරෝධීව ඔක්සිමීටර් 250 ක් සන්තකයේ තබාගත් පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පුද්ගලයකු අනුරාධපුර නගරයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුරාධපුර නව බස් නැවතුම්පල අසල දී එම 40 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ඔක්සිමීටර් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂක ටී.කේ.ඒ.ඩී. වේරගොඩ මහතාට භාරදුන් බවත් විශේෂ කාර්ය බලකාය පවසයි.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් අබේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකායේ අනුරාධපුර කඳවුරේ අනදෙන නිලධාරි පුධාන පොලිස් පරීක්ෂක බුලත්සිංහල මහතාගේ මෙහෙයවීමෙන් උප ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජි.ජි.වයි.ආර්. දයාරත්න ඇතුළු කණ්ඩායම, ගුවන් හමුදා බුද්ධි ඒකකයේ නිලධාරීන් සහ අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂ ටී.කේ.ඒ.ඩී. වේරගොඩ මහතා ඇතුළු නිලධාරීන් එකාබද්ධව මෙම වැටලීම ක්‍රියාත්මක කළහ.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඔක්සිමීටර් 250 ක් අනුරාධපුරයෙන් අල්ලයි