IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඒකාබද්ධ ඉංජිනේරු සේවා චක්‍රලේඛය බලශූන්‍ය කරයි

(තිළිණි ද සිල්වා)

විදුලි ඉංජිනේරුවන් සහ ඉංජිනේරු සහකාරවරුන්ට විශේෂ වැටුප් තලයක් නිර්මාණය කරමින් පිහිට වූ ඒකාබද්ධ ඉංජිනේරු සේවා චක්‍රලේඛය නීතියට පටහැනි බව අද (02) තීන්දු කළ අභියාචනාධිකරණය එම චක්‍රලේඛය බලශූන්‍ය කරමින් සර්⁣ටියෝරාරිටි රිට් ආඥාවක් නිකුත් කළේය.

ඊ⁣ට අමතරව නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලංකා විදුලි පොදු සේවක සංගමයට ගෙවන ලෙසද අභියාචනාධිකරණය ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කළේය.

මෙම රිට් ආඥාව නිකුත් කරනු ලැබූයේ ලංකා විදුලි පොදු සේවක සංගමය ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.

අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

ලංකා විදුලි පොදු සේවක සංගමය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු 37 දෙනෙකු නම් කරනු ලැබ තිබිණි.

අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දු⁣වේ මෙසේද සදහන් වේ.

පෙත්සම්කාර සංගමය විසින් මෙම රිට් පෙත්සම ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව ගොනු කර ඇත්තේ එම මණ්ඩලය විසින් 2014/GM/ 46 දරණ චක්‍රලේඛයෙ ( P 11 නමින් සඳහන් වන) අඩංගු තීරණය අවලංගු කරන රිට් අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.

මෙම චක්‍රලේඛය මගින් ඒකාබද්ධ ඉංජිනේරු  සේවාව නමින් සේවාවක් පිහිටුවීමට තීරණය කර ඇති අතර එමගින් ඊ. වැටුප් පරිමාණය නමි ඉංජිනේරුවන් හා ඉංජිනේරු සහකාරවරුන්ට ලබා දීමට තීරණය කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ එය නීතියට පටහැනි බවත්, එමගින් විශාල වැටුප් විෂමතාවයක් ඉංජිනේරුවන් සහ අනෙකුත් විදුලිබල සේවකයින් අතර ඇති වන බවත්ය.ලංකා විදුලි බල මණ්ඩලය , ඉංජිනේරු සංගම් ඇතුළු අනෙකුත් වගඋත්තරකරුවන් 37 දෙනා මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කර ඇත.

දෙපාර්ශ්වයම ඉදිරිපත් කල කරුණු පරීක්ෂා කිරීමේදි ⁣මෙම ඒකාබද්ධ ඉංජිනේරු සේවය පිහිටුවීම ඉතාමත් වැරදි සහගත බව පෙනී යයි.මෙවැනි කාර්යයක් කිරීමට නියමිත පටිපාටියක් ඇතත් ලංකා විදුලි බල මණ්ඩලය එය උල්ලංඝනය කර ඇත.

ඒ අනුව වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කළ විරෝධතා ඉවත දැමීමට අධිකරණය තිරණය කරනු ලබයි.

ඒ අනුව අදාළ චක්‍රලේඛය අධිකරණයේ විමර්ශනයට භාජනය විය යුතු බවටද අධිකරණය තීන්දු කරනු ලබයි.ඉදිරිපත් වූ කරුණු තවදුරටත් විමර්ශනය කිරීමේදි අදාළ චක්‍රලේඛය බැලු බැල්මට නීතියට පටහැනි වේ.එබැවින් එම චක්‍රලේඛය බලශූන්‍ය කරන සර්⁣ටියෝරාරිටි රීට් ආඥාවක් නිකුත් කරමි.

ඊට අමතරව පෙත්සම්කාර ලංකා විදුලි පොදු සේවක සංගමයට නඩු ගාස්තු ලෙස රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගෙවන ලෙස ද ලංකා විදුලි බල මණ්ඩලයට නියොග් කරමි.පෙත්සම්කාර සංගමය වෙත නීතීඥ ඉඳුනිල් බණ්ඩාර , වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන සංජීව ජයවර්ධන සහ ෆායිස් මුස්තාෆා සහ නීතීඥ ශාන්ත ජයවර්ධන යන මහත්වරුන් පෙනී සිටියහ.

නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ චායා නම්මුනි මහත්මිය  පෙනී සිටියාය.



අදහස් (3)

ඒකාබද්ධ ඉංජිනේරු සේවා චක්‍රලේඛය බලශූන්‍ය කරයි

ranjith Wednesday, 03 April 2019 12:30 AM

දුප්පත් ජනතාව ගැන නොහිත මුන් පඩි වැඩිකරගන්න දගලනවා අපි තමයි අධික බිල් ගෙවන්න වෙන්නේ මුන්ට ලැජ්ජාවක් නැති හැටි අධිකරණය ට පින්සිද්ද වෙන්න මෙය නතර උන

:       0       26

Deepal Nirosh Wednesday, 03 April 2019 04:52 AM

ඉතා සාධාරණ අධිකරණ තීන්දු ආඥාවක්. මොකද වැටුප් වැඩි කිරිමක් ආයතනයේ සිවළු සේවකයින්ට පොදුවේ බල පැවැත්විය යුතුයි.

:       0       80

හිට්ලර් Wednesday, 03 April 2019 08:39 AM

මස් රාත්තලම ඉල්ලන දොස්තරයන්ට නොදෙවෙනි විදුලි ඉංජිනේරු මාෆියාවට ලැබුණු කනේ පහරක්.

:       0       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site