(අජිත්ලාල් ශාන්තඋදය සහ ආරියරත්න මාමුහේවා)
කතානායකවරයාට පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට අවරහිර වන සේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හෙළා දකිමින් විරෝධය පෑ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයන් හය දෙනෙක් අද (21) සභාවෙන් පිටව ගියහ.
නිවිතිගල ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී උප සභාපති විජිත වැරණියගොඩ මහතාගේ මූලාසනයෙන් අද (21) එම සභාව පැවැත්විණි. සභාව ආරම්භ කරන අවස්ථාවේ විපක්‍ෂ කණ්ඩායම් නායක පියසේන පොල්වත්ත (එජාප) මහතා නැගී සිටිමින් පසුගියදා පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හෙළා දකිමින් අදහස් දැක්වීය.
එසේම කතානායකවරයා වෙත දිගින් දිගටම චෝදනා එල්ල කිරීම තම කණ්ඩායම අනුමත නොකරන බව කී ඒ මහතා සභාවෙන් පිටව ගියේය.
සුනිල් සේරසිංහ, සුසන්ත රූපසිංහ, ඒ. සුරේෂ් කාන්ත්, ගීතා එක්නැලිගොඩ, නිශාන්ති ප්‍රියදර්ශනී යන සභික සභිකාවෝ විපක්‍ෂ කණ්ඩායම් නායකයා සමඟ සභාවෙන් පිටව ගියහ.
එක්සත් ජාතික පක්‍ෂ සභිකයන් ඉවත්ව ගිය ද සෙසු සභිකයන් හා එක්ව සභාව ඉදිරියට පවත්වාගෙන යාමට විජිත වැරනියගොඩ මහතා පියවර ගත්තේ ය.
2025 දෙසැම්බර් මස 04
160
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඒකාබද්ධයට විරෝධය පා නිවිතිගල ප්‍රා. සබේත් කළබල