IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


එ.ජා. නියෝජිත අහමඩ් ෂාහිඩ් දිවයිනට

(තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකාවේ දින 12ක නිල සංචාරයක් සඳහා ආගම හෝ විශ්වාස කිරීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහමඩ් ෂාහිඩ් මහතා අද (15) දිවයිනට පැමිණියේය.

ආගම හෝ විශ්වාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා ලබන 26 වැනිදා දක්වා මෙරට නිල රැඳී සිටින අතර එම කාලය තුළ වත්මන් රජයේ  නිලධාරීන්, ආගමික හෝ විශ්වාසය කිරීමේ ප‍්‍රජාවන්ගේ නියෝජිතයන්, සිවිල් සමාජ සංවිධාන සහ මෙරට සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයින් ද හමුවනු ඇත. තවද හෙතෙම කොළඹින් බැහැර ප‍්‍රදේශවල ද සංචාරය කරනු ඇතැයි මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා 2005 දී ආගම හෝ විශ්වාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ හිටපු විශේෂ වාර්තාකරු අස්මා ජහන්ගීර් ගේ සංචාරයේ දී ඉදිරිපත් කරන ලද නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ දී අත්කර ගෙන ඇති ප‍්‍රගතිය ගැන විමසා බලනු ඇතැයි  එම කාර්යාලය සිටී.

ශ‍්‍රී ලංකාවේ සියලුදෙනාම ආගම හෝ විශ්වාසය පිළිබඳ නිදහස භුක්ති වීඳීමේ දී පවතින සහ මතුවන බාධක හඳුනා ගැනීමට අරමුණු කරන ඔහු එවැනි බාධක ජයගැනීම ඉලක්ක කර ගත් නිර්දේශ ද ඉදිරිපත් කරනු ඇත.

හෙතෙම තම නිගමන සහ නිර්දේශ ඇතුළත් වාර්තාව 2020 මාර්තු ජිනීවා හී පැවැත්වෙන මානව අයිතිවාසිකම් කවුන්සලයට ඉදිරිපත් කරනු ඇත.

අහමඞ් ෂාහිඞ් මහතා මානව අයිතිවාසිකම් කවුන්සලය විසින් 2016 දී ආගම හෝ විශ්වාසයේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත වශයෙන් පත් කරන ලදී.

එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු වන ෂාහිඩ් මහතා මාලදිවයින ජනාධිපති දූෂණ විමර්ශන කොමිසමේ හිටපු සාමාජිකයකු මෙන්ම මාලදිවයින් ජනාධිපතිවරයගේ විදේශ ප‍්‍රතිපත්ති පිළිබඳ උපදේශකයෙක්ද ද වූයේය.

ඔහු 2005 සිට 2007දක්වා සහ 2008 සිට 2010 දක්වා මාලදිවයින් විදේශ ඇමැතිවරයා ද වූයේය. ඔහු තම රට අන්තර්ජාතික මානව අයිතිවාසිකම් සන්ධාන නමයම අත්සන් කර අපරානුමත කිරීමටත් ඒවා නීතිය සහ භාවිතාවේ දී කි‍්‍රයාත්මක කිරීමටත් මෙහෙය වූයේය. ෂාහිඩ් මහතා ඉරානයේ මානව අයිතිවාසිකම් තත්වය පිළිබඳ හිටපු විශේෂ වාර්තාකරු වශයෙන් ද සේවය කළේය.



අදහස් (0)

එ.ජා. නියෝජිත අහමඩ් ෂාහිඩ් දිවයිනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site