(රංජිත් රාජපක්ෂ)
ගිනිගත්හේන, පොල්පිටිය ප්‍රදේශයේදි තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදාහැරීමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා අද (25) නියෝග කළේය.
මෙසේ ඇප මත මුදාහැරියේ පොලිස් කොස්තාපල් ජානක ප්‍රේමසිරි (45559) යන අයයි.
බන්ධනාගාරගත කර සිටි අනෙක් නිලධාරියා ලබන 10 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ එම සිදුවීමේදී වෙඩි තැබුවේ යැයි කියන පොලිස් කොස්තාපල් දුමින්ද ලක්මාල් (50391) යන අයයි.
ඉකුත් 7 දින ලක්ෂපාන පොල්පිටිය ප්‍රදේශයේදි මෙම ආරක්ෂක නිලධාරීන් සහ පොල්පිටිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකුට වෙඩි තැබුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂන නිලධාරින් දෙදෙනාව ගිනිගත්හේන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන 8 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. ඔවුහු අද (25) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියහ.
යළිත් මෙම නඩුව දෙසැම්බර් 10 වැනිදා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...