IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


‘එස් එෆ් ලොක්කා’ගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් දෙන්නැයි නියෝග

(උපාලි ආනන්ද)
 

වෙඩි තබා ඝාතනය කෙරුණු, අපරාධ චෝදනා රැසක විත්තිකරුවෙකු වූ එස් එෆ් ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහගේ නමින් ඔහුගේ ඥාතීන් පස්දෙනෙකු ඇතුළු 10දෙනෙකුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තා දින 14 ක් ඇතුළත අනුරාධපුර පොලිසියට ලබා දෙන්නැයි, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 32ක කළමනාකාරීත්වයට අද (14) නියෝග කළේය.
 
එස් එෆ් ලොක්කාගේ, පියාගේ, මවගේ, සහෝදරයාගේ, සහෝදරියගේ, පෙම්වතියගේ සහ  ඥාතීන් 5දෙනෙකු ඇතුළු 10දෙනෙකුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් මෙලෙස වාර්තාවක් ලබාදෙන්නැයි කළමනාකාරීත්වයට නියෝග කෙරිණි.
 
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. එම්. යසරත්න මහතා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෛයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. එම්. යසරත්න මහතා සදහන් කළේ වෙඩි තබා ඝාතනය කෙරුණු එස් එෆ් ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නැමැත්තා ජීවතුන් අතර සිටියදි මත් කුඩු (හෙරෝයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය) ජාවාරමේ නියැළී සිට ඇති බවට පොලිස් විමර්ශන කණ්ඩායම්වලට  තොරතුරු ලැබෙමින් පවතින බවයි.
 
එලෙස මත් කුඩු ජාවාරම් කිරීමෙන් උපයා ගත් විශාල මුදලක් ඥාතීන් පස්දෙනෙකු ඇතුලු 10දෙනෙකුගේ නමින් ඇති බැංකු ගිණුම් රැසක තැන්පත් කර ඇති බවට පොලිස් විමර්ශන කණ්ඩායම්වලට සැකයක් පවතින්නේ යැයිද අධිකරණයට සැල කළ පොලිස් පරීක්ෂක යසරත්න මහතා, ඒ පිළිබදව අනාවරණ කර ගැනීම සඳහා එම පුද්ගලයින්ගේ නමින් ඇති සියලු බැංකු ගිණුම් පිළිබදව සවිස්තර වාර්තා අනුරාධපුර මූලස්ථාන පොලිසියට ලබා දෙන ලෙසට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 32ක කළමනාකාරිත්වයට නියෝග කරන්නැයිද අයැද සිටියේය.
ඒ අනුව බැංකු ගිණුම් පිලිබද වාර්තා ලබා දෙන ලෙස නියෝග කළේ, එස් එෆ් ලොක්කා හෙවත් ආර් ඒ ඉරෝන් රණසිංහගේ පියා වන ආර්. ඒ. අනුර, මව වන ජේ. එලිසබෙත් රාණි, සහෝදරයෙකු වන ආර්. ඒ. අසිත රණසිංහ, සහෝදරියක වන ආර්. ඒ. අනෝජා රණසිංහ, පෙම්වතිය බව කියන තිලිණි නදීෂා වීරසිංහ සහ ඥාතීන් වන සුතාරා චිතුමාලි චන්ද්‍රසිරි, ජේ. එම්. මනෝජ් රංගන අමරසේකර, එම්. ඒ. ධනංජය මල්ලවාරච්චි සහ  ඩී. එච්. ඩබ්. චමින්ද කුමාර යන අයවලුන්ගේය.
 
වෙඩි තබා ඝාතනය කෙරුනු අපරාධ රැසක් සම්බන්ධව චෝදනා ලැබ සිටින විත්තිකරුවෙකුගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තා ලබා දෙන ලෙස උතුරු මැද පළාතේ අධිකරණයකින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගණනාවකට නියෝග කළ  ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

 



අදහස් (1)

‘එස් එෆ් ලොක්කා’ගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් දෙන්නැයි නියෝග

සෙනෙවිරත්න Tuesday, 15 September 2020 01:49 AM

මේ තක්කඩියන්ගේ තැන්පතු බාරගෙන ඉහළින් වැජඹෙන, කලුසල්ලි සුදුකරන, ඒවා වැඩි පොලියට දී ලාභ ලබන බැංකුවල නම් හෙලිකරන්න. නිදාගෙන ඉන්න මූල්‍ය බුද්ධි ඒකකයටත් දඬුවම් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site