(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු ඉරණපලෙයි ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී හමු වූ යකඩ පෙට්ටියේ තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිල ඇඳුම් හා අනෙකුත් උපකරණ එම සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේදැයි ආරක්ෂක අංශ විසින් සැක පළ කර සිටියි.
ඉරණපලෙයි ප්‍රදේශයේ වැසියෙකු විසින් සිය ඉඩමේ ඉදිකිරීමක් වෙනුවෙන් පොළව හාරමින් සිටින අවස්ථාවේදී ඊයේ (21) මෙම යකඩ පෙට්ටියක් හමු වී තිබිණි.
පසුව එය පුදුකුඩිඉරිප්පු පොලීසියට හා යුද හමුදාවට දැනුම් දීමෙන් පසුව එම පෙට්ටිය පරීක්ෂා කරනු ලැබීය.
එහිදී යකඩ පෙට්ටියේ තිබී ඇත්තේ කොටි සංවිධානය විසින් පළඳින නිලඇඳුම් කිහිපයක් කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් හා එම සංවිධානයේ යුද ක්‍රියාකාරකම් ඇතුළත් වීඩියෝපටයක්ය.
යුද සමයේදී නිඇඳුම් ආරක්ෂා කිරීම සඳහා මෙලෙසින් යකඩ පෙට්ටියකට දමා වළදමා ඇත්තේ කොටි සංවිධානයේ නායකයෙකු පරිහරණය කරන ලද නිලඇඳුම් විය හැකි බවටත් එය ප්‍රභාකරන්ගේමදැයි සැකයක් පවතින බවට ආරක්ෂක අංශ වැඩ දුරටත් කියා සිටී.
පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ විමලේ ? අන්න කොටි නැගිටලා. ඉක්මනට එන්න.
ගේම් තවම ඉවර නෑ වගේ. ඉස්සෙල්ලා බෝම්බ පිපිරෙව්වා. රට ගිනි තිබ්බා. වැඩවර්ජන රැල්ලක් කරා. අවුරුදු 10 කට පස්සේ මේ වගේ ඒවත් කරලා බලනවා.
පරිස්සම් කරලා තියලා තිබෙන්නේ ඉදිරියේදී භාවිත කරන්න.