IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


එල්.ටී.ටී.ඊ. තහනම දිගටම පවත්වාගෙන යන්න‘යි ඉන්දියාව එංගලන්තයෙන් ඉල්ලයි

 

එල්.ටී.ටී.ඊ.සංවිධානය සදහා එක්සත් රාජධානිය තුළ පනවා ඇති තහනම තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ඉන්දීය රජය එක්සත් රාජධානියෙන් ඉල්ලීමක් කර ඇතැයි ඉන්දීයාවේ ඩී.එන්.ඒ පුවත් සේවය අද (13) වාර්තා කළේය.

එක්සත් රාජධානිය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධානයන් නොවන බවට එරට අධිකරණයක් මගින් ඉකුත් මාසයේදී  නියෝගයක් ලබා දුන් අතර , ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඉන්දීයාව මෙම ඉල්ලීම කර ඇතැයිද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

එල්.ටී.ටී.ඊ.සංවිධානය වසර 30කට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයට වගකිව යුතු කණ්ඩායමක් සේම , ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස යන රාජ්‍ය නායකයින් ඝාතනය කිරීමටද වගකිව යුතු බවද අදාළ ඉල්ලීම කරමින් ඉන්දියාව පෙන්වා දී ඇත.

ඉන්දීය රජය එක්සත් රාජධානියෙන් කළ ඉල්ලීම ගැන ඩී.එන්.ඒ පුවත්සේවය ඉන්දියාවේ වැඩබලන බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෑන් තොම්සන් ගෙන් විමසීමක් කර ඇති අතර එහිදී ඔහු මාධ්‍ය වෙත පවසා ඇත්තේ මීට අදාළ කරුණු සම්බන්ධයෙන් ඉන්දීය රජයේ නියෝජිතයින් සමග සාකච්ඡා කළ බවය.ඒ සම්බන්ධයෙන් සිදු කළ කරුණු වෙන්ව වෙන්ව සදහන් කළ නොහැකි බවද ඔහු මාධ්‍ය වෙත පවසා ඇත.

එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කරමින් ඉකුත් වසරේදී එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු පිළිබද රාජ්‍ය ලේකම්ගේ තීරණය අභියෝගයට ලක් කරමින් එල්.ටී.ටී.ඊ සංවිධානයට සහාය දක්වන සංවිධානයක්  එම තීන්දුවට එරෙහිව අධිකරණයට ගිය අතර එක්සත් රාජධානිය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධානයන් නොවන බවට එරට අධිකරණයක් මගින් ඉකුත් මාසයේදී  නියෝගයක් නිකුත් කළේය.

2000 වසරේ සිට ගතවූ වසර 20 ක කාලයක් තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය එක්සත් රාජධානිය තුළ තහනම් සංවිධානයක් ලෙස නම් කර තිබේ.

125



අදහස් (3)

එල්.ටී.ටී.ඊ. තහනම දිගටම පවත්වාගෙන යන්න‘යි ඉන්දියාව එංගලන්තයෙන් ඉල්ලයි

prabha Friday, 13 November 2020 10:03 PM

අපේ රටේ නායකයින්ට හිතේ හයියක් නැද්ද මේ ඉල්ලීම කරන්න?

:       0       5

thilakSaturday, 14 November 2020 11:16 AM

පුළුවන්. එ්ත්, එංගලන්තේ අපි කියන එක අහන්නේ නැති එකයි ප්‍රශ්නේ.

:       0       3

Thihan Saturday, 14 November 2020 04:01 PM

යටත් විජිත කාලේ අපේ මිනිස්සුන්ව සමූල ඝාතනය කරලා, දැන් එනවා අපි මානව හිමිකම් උල්ලංඝනය කළා කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 863 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 971 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 392 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site