IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එම්.සී.සී අධ්‍යයන කමිටුව හා අගමැති අතර හමුවක්

(බිඟුන් මේනක ගමගේ) 


මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්(එම්.සී.සී) ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා පත්කළ සිව් පුද්ගල කමිටුව අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා අද(23) මුණගැසී තිබේ.


කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව අගමැතිවරයා මුණගැසී තිබෙන්නේ ගිවිසුමට අදාළ මුල් ලේඛන ඉල්ලා සිටීමටය.


එම්.සී.සී ගිවිසුම යැයි සඳහන් ලේඛන ඩිජිටල් හා මුද්‍රිත ස්වරූපයෙන් විවිධ මූලාශ්‍රවල සඳහන්ව ඇතත් ඒවායේ නිරවද්‍යභාවය සම්බන්ධයෙන් විවිධ අදහස් පවතින බැවින් එහි මුල් ලේඛන ඉල්ලාසිටීමට කමිටු සාමාජිකයන් කටයුතු කර ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.


අදාළ ලේඛන කමිටුවට සම්පාදනය කරදීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පොරොන්දු වී ඇති අතර ඒ අනුව ලබන සතියේ පමණ කමිටු සාමාජිකයන් රැස්ව එම්.සී.සී ගිවිසුම අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත යැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි. 


අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මෙම සිවු පුද්ගල කමිටුව පත්කරනු ලැබුවේ එම්.සී.සී ගිවිසුම අස්සන් කිරීම තාවකාලිකව අත්හිටුවමිනි.


මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ ඩී.එස්.ජයවීර (ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම්), ජනාධිපති නීතීඥ නිහාල් ජයවර්ධන, නාලක ජයවීර මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.



අදහස් (29)

එම්.සී.සී අධ්‍යයන කමිටුව හා අගමැති අතර හමුවක්

Praba Monday, 23 December 2019 03:06 PM

අපේ ඩොක්ටර් පාදෙනිය මහතාගෙන් අහන්න. එතුමා ඕක ගැන ලොකු අධ්‍යයනයක් කළා...

:       20       590

[email protected]Monday, 23 December 2019 06:04 PM

මහාචාර්ය ගුණරුවන්, පාදෙනියලා නොසිටින පසුගිය ආන්ඩුව රට විකුනලා ඉවරයි.

:       534       212

Weera SankiliTuesday, 24 December 2019 05:47 AM

ඇමෙරිකාවේ උපන් ඇමෙරිකන් කාරයෙකුට ට්‍රම්ප් කිව්වානම් යමකට අත්සන් කරන්න කියලා එයාට ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.. තමන්ගේ ආත්ම ගෞරවය නිසා. ඒත් ලංකාවේ උපන් ඇමෙරිකන් කාරයෙකුට ඒක කරන්න පුළුවන්ද?

:       0       0

Roshan Monday, 23 December 2019 03:15 PM

තිස්ස ජනනායක මහත්මයත් මේ කමිටුවට දැම්මා නම් වඩා හොඳයි.. එතුමාට තරම් මේ ගිවිසුම ගැන වෙන කාටවත් දැනුමක් නැහැනේ..

:       247       526

සමන් Monday, 23 December 2019 04:42 PM

ලියපු දේ දැකල හිනා වෙන්නද අඬන්නද කියල හිතාගන්න අමාරුයි. ඇත්තටම ඕක ගැන දැනුමක් ගන්න ඕනම නම් ලංකාදීප පුවත්පතේ සහෝදර පුවත්පතක් වන ඩේලිෆ්ටී (dailyft) එකේ හිටපු නියෝජ්‍ය මහබැංකු අධිපතිතුමෙකුවන විජේවර්ධන මහතාගේ ලිපියක් තියනවා එම්සීසී මුල සිට අගට සරල භාෂාවෙන් ලියපු.

:       29       54

galaparaTuesday, 24 December 2019 02:02 AM

මේ කමිටුවේ වීරවංශ,ගම්මන්පිලයි දෙන්නම ඉන්න ඕනේ. මොකද ඒ දෙන්නට ජාත්‍යන්තරය පිළිබද හොද දැනුමක් තියෙනවා.

:       3       240

saliya Monday, 23 December 2019 03:23 PM

69 ලක්ෂයක්ම විරුද්ධ වුණු දෙයට, කමිටුයි සාකච්ඡායි මොකටද? කමිටුව මොනවා කිව්වත් දැන් මේක හොඳයි කියන්න පුළුවන්ද? බැලුවාම යූඑන්පී එකට ඕනෑදේවල්නේ මේ. රට සුද්දාට පාවා දෙන වැඩ ගැන නම් කතා කරන්න එපා, ජනාධිපතිතුමා නම් ඕවාට එකඟ වෙන්නේ නැහැ.

:       41       745

kamaniMonday, 23 December 2019 04:55 PM

මොකද නැත්තේ. ජනාධිපතිතුමා ඇමෙරිකන් කාරයෙක්. මම තරයේම කියනවා එයාගේ ඇමෙරිකන් පුරවැසි බව තවම සම්පුර්ණයෙන් ඉවත්කරගෙන නැහැ.

:       40       314

රොෂාන් Monday, 23 December 2019 11:21 PM

සාලිය. බලන්නකෝ ඕක ලස්සනට අස්සන් කරන හැටි. අපි මිනිස්සු හැමදාම මෝඩයෝ

:       27       231

ලැවොයිසියර් Monday, 23 December 2019 03:41 PM

නීතිඥ උදය ගම්මන්පිල මයා සියයට හැත්තෑවක කතාවක් කළේ... සීයට කීයක් කියවලා බලලද මන්දා...

:       0       571

sugathMonday, 23 December 2019 06:23 PM

ඔය කියන මිස්ටර් යුටර්න් ගේ එකම අරමුණ රට යකාට ගියත් තමන්ට බලේ ඉන්ට. මේ දේශපාලකයෝ මේ රටින් කවදා තුරන් වේවිද?

:       15       250

siri Monday, 23 December 2019 03:46 PM

ඡන්ද ගන්න ඔය ගිවිසුම කුණුකුඩෙට දානවා කියලා නේද කිව්වේ?

:       1       584

sajith Monday, 23 December 2019 10:46 PM

එන්න ඡන්දෙ ඉල්ලගෙන....

:       37       313

wije Monday, 23 December 2019 04:05 PM

එතකොට මේ ගොල්ලෝ ඡන්දෙට කලින් මේක හොඳ නැහැ කියලා රට වටේටම කිය කියා ඇවිද්දේ මේක අධ්‍යාපනයක් කරන්නේ නැතුවද? අනේ මන්දා අපි මේ පාරත් රැවටුණාද කියලත් හිතෙනවා.

:       376       1127

Chathuri Monday, 23 December 2019 04:20 PM

පසුගිය ටිකේ අධ්‍යයනය කරපු නිසානේ විමල්ට බොරු දේවල් ලියලා දීලා, උසි ගන්නලා, ජනතාව කෝප කෙරුවේ බලය ගන්න ඕනෑවට දැන් මොනවා කතා කරන්නද? රටට හොඳ නැහැ... ලැබෙන විශාල මුදල් ප්‍රමාණය සුනාමියට අහුවුණා වගේ තියෙයි. කෝ හාමුදුරු ගොල්ලන්...? මේ රට බාරදෙන්න සිංහයෙක්ට කියලා දැන්. මිලේනියම් හොඳ වුණාද? සල්ලි කන්දරාවට මොන අයියත් කොන්ද නමනවා. ඇයි දැන් විමල්ගෙන් නෙමේද උපදෙස් ගන්නේ? බෝඩ් උස්සන් බෙරිහන් දෙන්න ඔය ටික ලියලා දෙන්න කොලයක, බලය නැති කොට රටට අනතුරුදායකයි. බලය තියෙනකොට හොඳ පාටයි. පුත්තුන්ට හොඳයි. රටට කෙසේවෙතත්....

:       1186       2257

දකුණේ බුද්දීමතාTuesday, 24 December 2019 02:37 AM

විමල් මහතා හැම විටම කියන්නේ ඇත්ත. මට තියන ප්‍රශ්නේ එතුමා කියපු දෙක දෙකෙන් බෙදුනම බින්දුවයි කියන එක ඇයි පාසල් විෂය නිර්දේශයට නොදාන්නේ කියන එක.

:       1       171

Dinesh Monday, 23 December 2019 04:47 PM

කෝ අර බමුණු...

:       0       175

Nimal ... Monday, 23 December 2019 05:33 PM

ඕක තමයි ඡන්ද දායකයන්ට කියන්නේ උනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි කියලා ලංකාවේ ජනතාව වැටිලා ඉන්නේ අගාදයකට. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරලා කේවල මැතිවරණ ක්‍රමයක් ආවේ නැත්තම් ලංකාවට දෙවියන්ගෙත් දෙවියන්ගේ පිහිටයි.

:       0       179

Mahesh Monday, 23 December 2019 11:22 PM

රට පාවාදෙන ඇමරිකන් ගිවිසුම් ගැන සාකච්ඡා කරන්න ලැජ්ජා නැද්ද මහත්තයෝ.

:       1       32

Bamunuarachchi Tuesday, 24 December 2019 12:36 AM

මහින්ද මහතාගේ ලැම්බෝගිනි, රත්‍රන් අශ්වයෝ,පුගලික ප්ලේන් ගැන කියාලා 2015 ඒ ආණ්ඩුව පෙරලුවානම් මෙගොල්ලොත් එම්.සී.සී එකේ වැරදි පෙන්නලා එජාප රජය පෙරලන්න කටයුතු කලාට කිසිම වැරද්දක් නැත. මොකද ලංකාව දේශපාලුවන් කියන කතා කිසිම වග විභාගයකින් තොරව බාරගන්න මිනිසුන් ඉන්න රටක් නිසා.

:       1262       264

athuraTuesday, 24 December 2019 04:07 AM

දැන් ඔය කතා කියපු කෙනෙත් ඉන්නෙ ඔය පැත්තේ නේද බමුණු. අනෙක එයාල එහෙම කල නිසා මෙයාල මෙහෙම කරන එකටද සිස්ටම් චේන්ජ් කියන්නෙ.

:       0       522

BamunuarachchiTuesday, 24 December 2019 10:27 AM

හලෝ කවුරු කොහොම කතා කලත් රටට හොඳ දෙයක් වෙනවානම් එකයි අපි අනුමත කරන්න ඕනේ. පාර්ලිමේන්තුව ඇතුලේ කැන්ටිමේ මගුල් ගෙදරදී වෙනත් සම්භාෂනවලදී මිතුරන් වගේ හැසිරෙන මේ අය අපේ ඡන්දය ලබා ගන්න ගහ බැන ගන්නවා.

:       0       0

kapTuesday, 24 December 2019 06:34 AM

රටේ, ජාතියේ පවට බිහිවෙච්ච දේශපාලන වහල්ලු. මේ වගේ මිනිසුන්ගෙයි, තක්කඩි හොර දේශපාලකයින්ගෙයි අතර කිසිම වෙනසක් නැහැ.

:       0       0

විරාජ් Tuesday, 24 December 2019 01:57 AM

ගුණරුවන් ඔය වැඩේ බැහැ, අනා ගන්නවාමයි. දැනුම තියෙන පුළුවන් කෙනෙකුට දෙන්න.

:       0       18

Walter White Tuesday, 24 December 2019 03:34 AM

ඇත්තටම කිව්වොත් ඔය ගිවිසුමේ අකුරක් වෙනස් කරන්නේ නැතිව ගම්මන්පිල වීරවංස වගේ අය ඉස්සරහ පේලියේ තියාගෙන අස්සන් කරනවා.

:       0       259

palitha Tuesday, 24 December 2019 05:38 AM

අගමැති තුමෝ 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ රටට අහිතකර දේවල් නවත්තන්න මිස ඉදිරියට කරගෙන යන්න නොවේ. කමිටු, මණ්ඩල ඔය මොන අය දාලා හොයල බැලුවත් ඕකට ජනතාව අකමැති බව ඔබතුමන්ලා දන්නවා. ඒ නිසා ඔකේ තියෙන 3 වන වගන්තිය "ප්‍රති ත්‍රස්ත පනත", 2 වන වගන්තිය "ඉඩම් ප්‍රතිසංස්කරණ" ඉවත් කල යුතුමයි. අපේ ඉඩම් කොහොම තිබුනත් ඇමරිකාවට ඇති රුදාව මොකක්ද?

:       1       94

WasudewaTuesday, 24 December 2019 07:53 AM

සහතික ඇත්ත... අර දොස්තර පාදෙණිය කිව්වේ MCC එක ආවොත් රට හරහා කොරිඩෝවක් යනවා. ඒකෙන් රටේ අනික් පැත්තට යන්න වීසා ගන්න ඕනෑ කිවුවේ. පාදෙණිය කිව්ව නිසා... අනේ හැබෑටම ඒක ශුවර්ම තමයි.

:       0       0

waruna Tuesday, 24 December 2019 08:11 AM

මේ කමිටුවට වඩාම සුදුසු දෙන්න පාදෙණිය හා තිස්ස ජනනායක තමා. තමන්ට සුදුසුකමක් නොමැති තමන්ගේ විෂයට අදාල නොවන දේවලට දේශනා පවත්වන්නේ තුට්ටු දෙකේ මිනිස්සු.

:       18       20

Bushan Tuesday, 24 December 2019 08:39 AM

මේකත් තවත් වැටකොළු ආණ්ඩුවක්. ජන්දය දුන් සැමට අබ සරණයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31184 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13343 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10965 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 66 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 897 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site