( තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක ගුවන් මගීන් රැගෙන යාම තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය ගෙන තිබූ තීරණය ලබන ලබන 21 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට එම ගුවන් සමාගම තීරණය කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව, පාකිස්ථානය හා බංග්ලාදේශය යන රටවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මගීන් රැගෙන යාම 21 තෙක් සිදු නොකෙරෙන බවද එමිරේට්ස් ගුවන් සේවා සමාගම කියා සිටී.
කෙසේ වෙතත් එක්සත් අරාබි එමිර් රාජ්‍යය ජාතිකයින්ට, එමීර් රාජ්‍යයේ වීසා හිමිකම ඇති පුද්ගලයින්ට සහ විදේශ සේවයේ නිරත තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බල නොපාන බවද එමිරේට්ස් ගුවන් සේවා සමාගම වැඩිදුරටත් පෙන්වා දේ.
පවතින කොවිඩ් නව ප්‍රභේද වාර්තා වීම් නිසා පසුගිය සති දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව, පාකිස්ථානය හා බංග්ලාදේශය යන රටවල සංචාරය කළ කිසිදු පුද්ගලයකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීමට ද අවසර ලබා නොදීමට එමීර් රජය ගත් තීරණ 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd