
ජිනීවාහිදීය (රොයිටර්ස්)
විවිධ නිෂ්පාදකයන්ගේ ‘කොවිඩ්-19’ එන්නත් සැසඳීම සහ මිශ්‍ර කිරීම “භයානක ප්‍රවණතාවක්” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් ඉකුත් දා (12) පැවැසුවා ය.
ගෝලීය ‘කොවිඩ්-19’ වසංගත තත්තත්වය සම්බන්ධයෙන් දින කිහිපයකට වරක් පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය එම කරුණු සඳහන් කළාය.
එන්නත් මිශ්‍ර කිරීමෙන් සහ සැසඳීමෙන් සිදුවන සෞඛ්‍ය බලපෑම සම්බන්ධයෙන් තවමත් ඇත්තේ සීමිත තොරතුරු ප්‍රමාණයක් බවත් එබැවින් විවිධ නිෂ්පාදකයන්ගේ ‘කොවිඩ්-19’ එන්නත් සැසඳීම සහ මිශ්‍ර කිරීම “භයානක ප්‍රවණතාවක්” බව ඇය පැවැසුවාය.
“මේක තරමක භයානක ප්‍රවණතාවක්. එන්නත් මිශ්‍ර කිරීම සහ සැසඳීම සම්බන්ධයෙන් අපි ඉන්නේ දත්ත සහ සාක්ෂිවලින් නිදහස් ලෝකයක. අපට ප්‍රමාණවත් තරම් දත්ත නැහැ” යැයි ඇය කීවාය.
අන්තර්ජාලය ඔස්සේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
මේ අතර දෙවැනි, තෙවැනි සහ සිවුවැනි එන්නත් මාත්‍රා ගන්නේ කවදාද , කවුද යන්න පුරවැසියන් තීරණයට කිරීමට පටන් ගත්තොත් ව්‍යාකූල තත්ත්වයක් ඇති වනු ඇතැයි ද ඇය තවදුරටත් කීවාය.
COMMENTS
ඔයාලා කවුද අපේ චන්න විද්‍යාඥයා පර්යේෂණ කරලා තහවුරුත් කළා. මිශ්‍රකළාට කමක් නෑ කියලා. ඒ මදිවාට මුට්ටි නෝනයි, එයාගේ විශේෂඥ ගෝලයොත් කිව්වා.
තටමනවා විතරයි. වැඩක් නෑ. කෝවිඩ් වසංගතය පහව ගියාම ඕක කීවානම් හොඳයි. ලෝක සෞඛ්‍ය සංවිධානය යනු තවත් ලෙඩ වාට්ටුවක් පමණි.. එය නඩත්තු කිරීමේ අරමුදල් අඩු ආදායම් ලාභී රටවල ජනතාවගේ එන්නත් කරණය සඳහා යොදාගත හැකිවනු ඇත.
අහන්නකෝ සුමනේගෙන්.. එකට 10ක් මිශ්‍ර කරන්න පුළුවන්..
පළවෙනි මාත්‍රාව ඇස්ට්‍රා සෙනිකා දීලා, දෙවැනි මාත්‍රාව ෆයිසර් හෝ මොඩර්නා දෙන්න සෞදි අරාබිය පටන් ගත්තේ දැනට ටික කාලෙකට කලින් සිට... තාමත් සමහර මධ්‍යස්ථාන වල ලබාදෙනවා. දැන් නැවත එකම වැක්සීන් එකේ දෙවෙනි ඩෝස් එකත් ලැබෙනවා.. හැබැයි හුඟක් අයට ලැබුනේ කලින් විදිහට වර්ග දෙකකින්...
දැනට මාසයකට පමණ කලින් මගේ හිතවත් ප්‍රංශ ජාතික දොස්තර මහත්මයෙකුත් මේ කතාවම කීවා. මේ එන්නත් නිෂ්පාදකයින් ඔවුන්ගේ නිෂ්පාදන වල අඩංගු "සියලුම'' දත්තයන් WHO එකටවත් වෙනත් ආයතනයකටවත් ලබාදෙන්නේ නැහැයිලු. ලබාදෙන්නේ සීමිත දත්ත ප්‍රමාණයක් පමණයිලු. මේ නිසා විද්‍යාඥයින්ට 100%ක් ස්ථිරවම කියන්න බැහැ.. එක වර්ගයක කොරෝනා එන්නතකට පසු වෙනත් වර්ගයක කොරෝනා එන්නතකින් පසුකාලීනව මිනිස් සිරුරේ ප්‍රතිශක්ති පද්ධතියේ ඇතිවන වෙනස්කම් ගැන. ප්‍රශ්න ඇතිවෙන්නට කලින් WHO එක ඒ වගකීමෙන් නිදහස්වෙන්නයි මේ උත්සාහ කරන්නේ.
ඔව් ප්‍රභාත් ඔබ හරි. පලමු මාත්‍රාව AstraZanica අරන් දෙක Pfizer තමයි දෙන්නෙ.හේතුව astraZanica නැති හින්දා , මම දන්න අපේ ආයතනයෙ වැඩ කරන ලංකාවේ අයත් ගත්තා. මේ දාලා තියෙන comment දැක්කම මෙන්න මෙහෙම කියන්න හිතුනා, "අපේ ලංකාවේ ඉන්නෙ key board වීරයො, තනිකරම ළිං මැඩියෝ. කවුරු හරි කියපු එක වාක්‍යයක් අරන් සමස්තයම විස්තර කරන්න යනවා."
ඔය ගැන කිව්වා කියලා ආපනශාලා හිමියන්ගේ සභාපති ඇතුළට දැම්මා. ඔබතුමියත් ප්‍රවේසමින්... අපි හොඳටම දන්නවා.., කලවම් කිරිල්ල ගැන. එදා ඉඳලා අපි කළේ ඕක තමයි.
මේ ගැන සෘජු නීතියක් දෙන්න..
දෙවැනි මාත්‍රාව හැටියට පැණිය දෙන්න බැරිද?
මැඩම් ලංකාවේ චන්න ජයසුමන කියලා හාදයෙක් ඉන්නවා සෞඛ්‍ය සේවයේ.. ඕක ඊමේල් පණිවිඩයකින් දැනුම් දෙන්න ඔය හාදයාට
ඔබතුමා දන්න දෙයක් නැහැ. මෙහෙ ඉන්නේ ලෝකෙම නැති විශිෂ්ඨයෝ... කොරෝනා මොකක්ද? මෙහෙ ඉන්න විශිෂ්ඨයෝ කරන සහ කියන ඒවා ඇහුවාම... මෙහෙ එන්නත් හැදුවේ නැති වුණාට ගහගන්න ක්‍රමය සහ දෙන්න ඕනෑ විදිහ දන්නවා. හදපු අයගේ උපදෙස් අවශ්‍ය නැහැ.