(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් අය නිවෙස්වල සිටීනම් හැකි ඉක්මනින්ම ඒ අය ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානවලට කැඳවාගෙන එන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එය සෑම නිවෙසකම වගකීමක් බවද හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට කිසිවකු බිය විය යුතු නැති බවත් සමාජයේ පැතිරෙන විවිධ මිථ්‍යා මත හේතුවෙන් සමහරුන් කොවිඩ් එන්නත ගැනීමට බියවී සිටින බවත් විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙල්ලෙන් අල්ලන් බලෙන්ද ගේන්න ඕනෑ?
මේ මොව විහිළුවක්ද?
ෆයිසර් දෙන්න... එතකොට අපි කැමැත්තෙන් ගිහින් එන්නත ලබාගන්නම්... හම්බන්තොට අයට විතරක් ෆයිසර් දීලා අපිට බාල එන්නත් ගන්න බල කරන්න එපා...
එන්නත් ගත්තාට වඩා නොගත් අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැතිව... ඔය කරන්න හදන්නේ එන්නත් නොගත්තාට අවුලක් නෑ කියන මතය පරද්දලා.. එන්නත් තමයි කොරෝනාවලට එකම විසඳුම කියලා බටහිර බෙහෙත් මාෆියාවට කඩේ යාම...
අපිට එන්නත් අවශ්‍ය නැත. දේශීය බෙහෙත් හොඳයි. කැන්දාගෙන යාමට ගෙවල්වලට එන්නටද අවශ්‍ය නොවේ.
නාකි ටික බේරෙන්න හදන්නේ තරුණ උන්ට බලෙන් ගහලා...!
කොහෙටද එන්න ඕන?
තරුණ තරුණයින් එන්නත් ගැනිමට මැලිවී ඇත්තෙ සෟඛ්‍ය අංශ වලින් ක්‍රියාත්මක කල දේශපාලන තීන්දු නිසාය. හමිබන්තොට දිස්ත්‍රික්කයට ෆයිසර් එන්නත ලබාදිම නිසාය. එසේ නම් දිවයින පුරා සිටින සියලු තරැණ තරුණයින්ට ෆයිසර් එන්නත ලබා දෙන්න තීරණය කරා නම් මේ ප්‍රශ්නය විසදෙනු ඇත.
ඕවා කරන්න පුළුවන් ප්‍රායෝගික දේවල්ද අනේ