(ඉන්දිකා රාමනායක)
ඇස්ට්‍රා සෙනිකා එන්නතට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කොට ජනතාවට එන්නත් කරන බවට සමාජ මාධ්‍යවල වීඩියෝවක් මගින් අසත්‍ය ප්‍රකාශ සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් කණ්ඩායමක් ඊයේ (25)රාත්‍රියේ ඔහුගේ පිලියන්දල නිවසට ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අසේල සම්පත් විසින් සිදුකළ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදාළව විමර්ශන කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.