IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


එන්නත් අනිවාර්ය කිරීම අවසන් විකල්පයයි

'කොවිඩ් 19' වයිරසයට එරෙහි එන්නත් අනිවාර්ය කරන්නේ නම්, එසේ කළ යුත්තේ එය අවසන් විකල්පය නම් පමණක් බවත්, එන්නත් අනිවාර්ය කිරීමට තමන් කිසිම අවස්ථාවක, කිසිදු රටක් උනන්දු කර නොමැති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය ප්‍රධානී හාන්ස් ක්ලූග් පවසා ඇත.

'කොවිඩ් 19 ලොවටම බලපෑමක් කරන වසංගතයක්. එන්නත් ලබා ගැනීම ලොව සෑම කෙනකුගේම වගකීමක්. අප සැමවිටම කියන්නේ වගකීමක් ඇති පුරවැසියකු ලෙස සෑම කෙනකුම එන්නත් ලබා ගැනීම කළ යුතුයි කියායි. ඒත් එන්නත බලෙන් කාටවත් ලබා දෙන්න අප උපදෙස් දී නැහැ. එන්නත් බලෙන් ලබා දීමට කටයුතු කිරීම සමාජිය වශයෙන් අවිශ්වාසයක් නිර්මාණය වීම, ගැටුම් නිර්මාණය වීම සහ සමාජ නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට හේතුවක් වේවි' යැයි යුරෝපා කලාපීය ප්‍රධානී හාන්ස් ක්ලූග් පැහැදිලි කර තිබේ.

මේ වනවිට යුරෝපා කලාපයේ 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ ඉහළ අගයක් ගෙන තිබේ. ඊට අමතරව, යුරෝපා රටවල් රැසකින් 'ඔමික්‍රෝන්' විකෘති ප්‍රභේදය ද වාර්තා වීමට පටන්ගෙන ඇත.

ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ජර්මනිය ඇතුළු රටවල් බොහොමයක්, එන්නත් අනිවාර්ය කර ඇති අතර, එන්නත් ලබා ගැනීමට අදිමදි කරන එම රටවල වැසියන් ඊට එරෙහිව රජය සමඟ ගැටුම් ඇති කර ගනී.

'එන්නත සම්බන්ධයෙන් ජනතා විශ්වාසයක් ගොඩනැගීම රජයේ වගකීමයි. සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමයි. විශ්වාසය දිනා ගැනිමෙන් එන්නත්කරණ වැඩසටහන් පුළුල් කිරීම මෙම අවස්ථාවේදී කළ යුතුයි. එන්නත් අනිවාර්ය කරමින්, බලෙන් එන්නත් දීමට යෑමෙන් සිදුවන්නේ අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වීමයි. එය කොවිඩ් 19 වසංගතය උත්සන්න කිරීමට ද හේතු වෙනවා' යැයි හාන්ස් ක්ලූග් පෙන්වා දී තිබේ.

(රොයිටර්)



අදහස් (1)

එන්නත් අනිවාර්ය කිරීම අවසන් විකල්පයයි

de silva Wednesday, 08 December 2021 11:25 AM

ලංකාවෙත් එන්නත අනිවාර්ය කරන්න...

:       13       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 36 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1000 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site